domain එකේ renewal mail එක ගුගල් එකෙන් ආවම තමයි බ්ලොග් එකක් කියල මෙව්වා එකක් තිබුන නේද කියල මතක් උනේ. ජොබ් එකයි, ඩිග්රි එකයි, ෆේස් බුකියෙයි වැඩ වලට වෙලාව ගියාම බ්ලොග් කෙරුවාව නතර වෙලාම ගියා.

මුලින්ම ආගිය විස්තර ටිකක් කියල ඉමුකෝ.. (ඔව් ඔව් පම්පෝරියක් තමයි  ) ඉන්ස්ටියුට් එකෙන් එලියට පැනලා ජොබ් එකට ඇවිල්ලා දැන් අවුරුද්දයි මාස 3 ක් වෙනවා. ජොබ් එකට ආවේ බයේ ගැහි ගැහි internship/ trainee software developer කෙනෙක් විදියට උනත් මේ ටික කාලේ ඇතුලත, මේ වෙද්දී Head Of Development (HOD) එහෙමත් නැත්නම් Middle Level Management එකට පැන ගන්න පුළුවන් උනා. මොකද කින්ඩියට හිනා වෙන්නේ  ගොට්ට අල්ලලා නෙවෙයි බන්, කරවල කටු අමුවෙන් කාල තමයි මේ තරම්වත් දුර ආවේ. කොටින්ම කිව්වොත් එක දිගට පැය 24 ක් ඔෆිස් එකේ වැඩ කරපු උන් දැකල නැත්නම්, සප්ප්‍රයිස්  මෙන්න ඉන්නවා..

පළවෙනිම ජොබ් එක නිසාත්, වදයක් නැතුව බෝසාල සහ ස්ටාෆ් එකේ අනිත් උන් එක්ක ඉන්න පුළුවන් නිසාත් දුම්මල ගහල එලෙව්වේ නැත්නම් තව චිරාත් කාලයක් ඉන්න තමයි අදහස. බලමුකෝ...

ලොකු කම් දොඩා අවසානයි. අමාරුවෙන් කියවූ සැමට ස්තුතියි ! 

හරි. අලුතෙන් ෆීල්ඩ් එකට බහින නංගිලා මල්ලිලා දුලා පුතාලට වැදගත් වෙන ටිකක් කියන්නම්.. මීට අවුරුද්දකට දෙකකට කලිනුයි දැන් මේ වෙද්දියි කැම්පස් වලින් "ට්‍රේනින් පල" කියල එලියට දාන සෙට් එකේ පැහැදිලි වෙනසක් තියෙනවා. Interview එන බහුතරයකට තියෙන්නේ තියරි දැනුම විතරයි. අඩුම ගානේ සාමාන්‍ය දැනීම ප්‍රශ්නෙකට වත් උත්තර දිගන්න බැහැ. තනිකර අමුම අමු ගිරව්.

ආතල්ම සිද්ධිය මෙයාල code පවා කට පාඩම් කරනවා . දන්නා දෙයක්ම පොඩ්ඩක් හරි වෙනස් කරලා ඇහුවොත් හුටා තමා..

රත්තරනේ, ලක්ෂ ගණන් දීලා තියරි ටිකක් ඉගෙන ගෙන ට්‍රේනින් ආවම ප්‍රැක්ටිකල් ටික කරවලා මාසේ අන්තිමට සැලරි එකකුත් ගෙවන්න ප්‍රයිවෙට් කම්පැනි වලට නිකන් කසනවා කසනවා වගේ නැහැ. 

ඒ නිසා තනියම ඉගෙන ගන්න (self study) ඔයා කොහේ ගියත් මොන තැනක හිටියත් ඒකෙන් විතරමයි ගොඩ යන්න පුළුවන්. ඔයාගේ බැජ් එකේ 100 ක් ඉන්නවා නම් ඉතිරි 99 දෙනාට වඩා පොඩි එක දෙයක් හරි ඔයා තනියම ඉගෙන ගන්න. අනිත් හැමෝම දන්නා දේම ඔයත් දන්නවා නම් ඔයා යුනික් වෙන්නේ නැහැනේ. Interview එකකින් තෝරා ගන්නේ එන අයගෙන් විශේෂ කෙනෙක් මිසක් common interviewee කෙනෙක් නෙවෙයි.

අනික සැප බලාගෙන ට්‍රේනින් එන්න එපා. ට්‍රේනින් කියන්නේ අඩු පඩියට ගන්න පුළුවන් උපරිම වැඩ ගන්න එකට. නැත්නම් ඉතින් හැම කම්පැනි එකෙන්ම ෆුල් කොලිෆයිඩ් උන් විතරනේ ගන්නේ.
හරි ඇති කට්ටක් කාල ට්‍රේනින් එක ගොඩ දාගත්ත කියන්නේ එතන ඉඳන් ජිවිතේ මොන ජොබ් එක හම්බ උනත් ඒක කොච්චර අමාරු උනත්, නතින්..

20,000 ක පඩියක් ගන්න නම් ඔයා ආයතනයට 50,000 ක වත් වැඩ කරන්න ඕන. නැත්නම් ඉතින් 20,000 ට 10,000 ක වැඩ කරලා හරි, හරියටම තිතට 20,000 ක වැඩ කරොත් හරි කම්පැනි එකට ප්‍රොෆිට් එකක් නැත්නම් ඔයාව තියා ගන්නේ නැහැ.

Organization එකක් හැම තිස්සෙම අංක 1 ට බලන්නේ profit margin එක. ඒවයි founders, CEO, directors ල වෙස්සන්තරලා නෙවෙයිනේ employees ලට නිකන් පඩි ගෙවන්න  (අපේ බොසා මෙය නොදකිවා..! pray for me.)

උද්ගෝෂණ, වැඩවර්ජන කරා කියලා පවතින ක්‍රමය වෙනස් කරන්න බැහැ. කරන්න ඕන පවතින ක්‍රමයට අනුව තමන් වෙනස් වෙන්න ඕන. තමන්ගේ වගකීම යුතුකම නියමිත විදියට කරනවා නම් ඉබේම තමන්ගේ අයිතිවාසිකම් ටිකත් ලැබේවි. අපේ අයියලා කරන්නේ එකේ අනිත් පැත්තනේ.

හැබැයි මැරීගෙන වැඩ කරලත් කිසිම ප්‍රතිලාභයක් නැත්නම් හරි ඇගයීමක් නැත්නම් හරි, එතන ඉඳලා තේරුමකුත් නැහැ. තමන්ට ගැලපෙන තැනක්, තමන්ට නිසි ඇගයීමක් ලැබෙන තැනක් ඉක්මනින් සොයා ගන්න. 

හරි අන්තිමට කියන්න තියෙන්නේ ජොබ් එක කියන්නේ ජිවිතයම නෙවෙයි.. ජිවිතේ වැඩිම කාලයක් ගත වෙන්නේ මේ වෙනුවෙන්ම තමයි, නමුත් ජිවිතේ තව ගොඩක් දේවල් තියෙනවා විඳින්න.. ගත වෙන හැම තප්පරයක්ම ආපහු roll back කරන්න බැහැනේ. ඒ නිසා ඉන්න ටික කාලේ සේරම බැලන්ස් කරන ජොලියේ ඉමු. 

(මාසෙට පාරක්වත් ලියන්න ඕන )


හැම කොල්ලම හොයන්නේ මොන වගේ කෙල්ලක්ද ? හොඳ ගුණයහපත් කෙල්ලක්ද ?
ඔව්, නමුත් ඒ උත්තරේ එන්නේ පෝලිමේ දෙවෙනියට නේද? 
මුලින්ම හිතට ආපු උත්තරේ "එළකිරි කෑල්ලක් "
හැමදාමත් කියනවා වගේ "පට්ට කෑල්ලකට" වඩා "එළකිරි කෑල්ල හොඳයි". ගොඩ කාලෙකට කලින් ලියපු පොස්ට් එකක ඔය දෙකේ වෙනස පැහැදිලි කරාද කොහෙද.
හරි ඒක නෙවෙයිනේ අපි කතා කරේ. කොල්ලෙක්ට "උඹට හරියන කෙල්ලක්" කියපු ගමන්ම මුලින්ම හිතට එන්නේ මොකක්ද ? එතැනදී කොල්ලගේ භූමිකාව අදාළ වෙන්නේ නැහැ, ඌ අහිංසකයෙක්, මැරයෙක්, බේබද්දෙක්, කුඩු කාරයෙක්, එලොවටත් මෙලොවටත් දෙකටම නැති එකෙක් තියා මොකෙක් උනත් මුලින්ම හිතේ මැවෙන්නේ කෙල්ලෙක්ගෙ රූපයක් නේද ?

අන්න ඒ මැවෙන රූපේ ගැනයි නිකමට අකුරු ටිකක් කොටලා යන්න හිතුනේ. මොකද මේ දවස්වල තියෙන යහපාලනයත් එක්ක අපේ ගෙදර අයත් මම මුලික කරගෙන ඔය මාතෘකාව ගැන උනන්දුයි වගේ පේනවා.

හරි, "කෙල්ලෙක්" කියන වචනේ ඇහුන ගමන් කොල්ලෙක් ඉදිරියේ මැවෙන හොලෝග්‍රෑම් එක මොකක්ද. සමහරුන්ට ඉස්කෝලේ කාලේ මතකයක්,බස් එකේ හෝ අතරමග අහම්බෙන් කැප්චර් උන එකක්, එහෙමත් නැත්නම් සනී ලියොන් වගේ කෙනෙක් උනත් වෙන්න පුළුවන්.

ඒ කවුරු කොහොම උනත් එක එක කොල්ලගේ ටේස්ට් එක වෙනස්. අදහස් වෙනස්, දකින කෝණය වෙනස්, හැඩය වෙනස්. එහෙම නොවුනම් නම් ලොකූ ගැටුම් ඇති වෙනවා. තාමත් සමහර වෙලාවට ටේස්ට් එක සමාන දෙන්නෙක් අහම්බෙන් සෙට් වෙලා එකම කිරිටොපිය පස්සේ දුවලා කකුල් කඩාගෙන කොත්තමල්ලි බොන්න වෙන අවස්ථාත් නැත්තේම නැහැ.

නමුත් බොහෝ විට ඇත්තටම සිද්ධ වෙන්නේ ඇහෙන් දකින රූපයට වඩා ඇසට දැනෙන රූපය තමයි කොල්ලෝ හොයන්නේ. හැමෝම නොවෙන්න පුළුවන් නමුත් බහුතරය එහෙමයි.
හොඳම උදාරහණය තමයි, ඔබ කොල්ලෙක් නම් තමන්ගේ යාළුවා කෙල්ල ගැන කරන වර්ණනාව අහන් ඉන්න. හැබැයි ඒක අහන්න වෙන්නේ යාළුවට ඒ කෙල්ල තවමත් මනාපය දීලා නැත්නම් විතරයි, මොකද මට අද වෙනකම් ඇහිලා නැහැ කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් තමන්ගේ කෙල්ලගේ ලස්සන ගැන තවත් කොල්ලෙක් එක්ක කියනවා  (ඇත්තම කතාව බය සහ ලෝභකම)

සමහර වෙලාවට ඔයාම කියල ඇති ඒ කෙල්ල කැතයි කියලා. නමුත්  ඌ ඒක පිළිගන්නේ නැතුවත් ඇති.ලෝකේ ලස්සනම කෙල්ල එයා කියනවා ඇති.
එත් අපිට පෙන්නේ ඒකි හැළ වැඳිරියක හෝ පේන්ට් කරලා බොඩි කිට් ගහපු පරණ ඉබ්බා කාර් එකක් වගේ වෙන්න පුළුවන්. එත් යාලුවට ඒක ලම්බෝජිනි අවුඩියක් වගේ පේනවා ඇති.

ලෝකේ හැමදෙයක්ම සාපේක්ෂයි, ඒක දකින විදිය අනුව. එහෙනම්  ලස්සන කියන මිණුම් දණ්ඩත් අනිවාර්යයෙන්ම සාපේක්ෂයි දකින කෝණය සහිත පුද්ගලයා අනුව. ඒ දකින ලස්සන අනුව තෝරාගැනීම තමයි නියම තෝරාගැනීම.
එහෙනම් තමන් කැතයි කියලා හිතාගෙන පාප්ප මුණේ ගාන ගෑනුලමයි දුක්වෙන්න ඕන නැහැ. ගොඩක් අයට අවශ්‍ය අනිත් කෙනාට සාපේක්ෂව තමන් ලස්සනයි කියලා අනිත් අයට හඟවන්න.
නමුත් විය යුත්තේ ඒක නෙවෙයි, අනිත් අයට නොපෙනෙන ලස්සනක් කෘතිමව මවාපානවට වඩා, අනිත් අය නොදකින ලස්සනක් තමන් තුල දකින කෙනාගේ ජීවිතය ලස්සන කරන එකයි.

***
වෙලාව තියෙන වෙලාවට අනිත් එව්වා අස්සේ රිංගලා කියවනවා. නමුත් නැත්තෙත් වෙලාවම තමයි. පුළු පුළුවන් විදියට බ්ලොග් එක අප්ඩේට් කරන්නම්, කට්ටියට නම් දැන් මාව අමතක වෙලත් ඇති 
මාස 6 කින් විතර කිසිම අලුත් පොස්ට් එකක් ලියන්නවත්, යාළුවොන්ගේ බ්ලොග් කියවන්නවත් එන්න බැරි උනා. ඒ ජිවිතේ කාර්යබහුලම මාස 6 ඒ කාලය නිසා..
Higher Education Stages 2 ක් අවසන් කරලා Professional life එකේ මුල්ම අඩිතාලම විදියට Software & Web Developer කෙනෙක් වෙන්න මට අවස්තාව ලැබුනා. මේක මගේ මුල්ම රැකියාව. තාමත් ඉගෙන ගන්න අයටයි, මේ ෆීල්ඩ් එකට අලුතෙන් එන අයටයි වැදගත් වේවි කියල හිතෙන නිසා පහුගිය ගතවුණ මාස 6 ගැන විස්තර ටිකක් කියන්නම්. 

NIBM Higher Diploma ඒක අවසන් වෙලා මාසයක් ඇතුලත හැම කෙනෙක්ම ට්‍රේනින් තැනක් සෙට් කරගන්න ඕන, නැත්නම් අවුරුද්දක් ෆේල් විදියටයි සැලකෙන්නේ. ඉතින් කවදා කාපු ටකරන්ද, දැන් හොයාපන්කෝ ජොබ්... 
ගොඩක් අය ගොඩක් දේවල් කියනවා, මම මගේ පුද්ගලික අත්දැකීම කියන්නම්..
මුල්ම දේ උනේ හොඳ CV එකක් හදාගන්න ඒක. ඇත්තටම Standard CV එකක් හදනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. එකේදී අඩුපාඩු පෙන්නලා දීලා වැරදි හැදුවේ තෙපුල් සර් සහ ශාකුන්තල අයියා..
CV ගැන හොඳ ලිපියක් ශාකුන්තලගේ බ්ලොග් එකේ තියෙනවා..
 http://blog.shaakunthala.com/2014/01/improving-your-cv.html

වෙබ් එකේ තිබුන හැම ජොබ් සයිට් එකකටම හැමදාම වගේ ගියා, දකින දකින එකට CV දැම්ම. තව දෙයක් ඔයා ජොබ් එකකට ඇප්ලයි කරද්දී ඒ ආයතනයේ නම, CV ඒක දාපු දිනය වගේ විස්තර පොඩ්ඩක් Note කරලා තියා ගන්න. නැත්නම් ඉන්ටර්විව් කෝල් කරාම හිතා ගන්න බැහැ කොහෙන් කවුරු කතා කරනවද කියලා.
මම දැනට CV 57 ක් යවලා තියෙනවා, එකෙන් 41 කින්ම ඉන්ටර්විව් කෝල්ස් ආව.
ඔයා ෆ්‍රෙෂ් නම් තමයි මෙච්චර කට්ටක් කන්න වෙන්නේ, එක්ස්පිරියන්ස් තියෙනවා නම් ඕන තැනකට ටකස් ගාල ගන්නවා.
ඉන්ටර්විවී 3 කට මම ගියා, අපරාදේ කියන්න බෑ ඒ 3 න්ම සිලෙක්ට් උනා, එකෙන් හොඳම ඒක තෝරලා තමයි මම දැන් ඉන්න තැනට එකතු උනේ..

දැන් ඔයාල හිතනවා ඇති ඉන්ටර්විවී ගියපු ගමන් පාස් වෙන්න මම මාර පොරක් කියලා. එත් මගේ රිසල්ට්ස් බොහොම සාමාන්‍යයි. එක්ස්පිරියස් මුකුත්මත් නැහැ.... ඇත්තටම මම ලියන විභාග දැක්කත් බයයි.
එහෙනම් ,
ඔයා අලුතින්ම ජොබ් එකකට යන්න හිතනවා නම් (IT Industry එකේ) හොඳ රිසල්ට්ස් තියෙන ඒක හොඳයි, නමුත් මුලිකම දේ ඒක නෙවෙයි.
හදාගන්න තමන්ටම කියල ප්‍රොජෙක්ට්ස් ටිකක්, කැම්පස් එකේ හවුලේ කරපුව නෙවෙයි, තමන් තනියම කරපුවා..ඔන්න ඕක තමයි ඉන්ටර්විව් බෝර්ඩ් ඒක මුලිකවම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ.. සහතික, කොළ කෑලි දෙවෙනියට..

මම මෙහෙට ආපු ඉන්ටර්විව් එකේදී සහතික තියෙන ෆයිල් එක අතටවත් ගත්තේ නැහැ එයාල.. කරපු ප්‍රොජෙක්ට්ස්, සහ ඒ සම්බන්ධව ප්‍රශ්ණ ටිකක් විතරයි. ඒ ටික ගොඩ දාගන්න පුළුවන් නම් ඔයත් ගොඩ.

දැන් ජොබ් එක,
Probation period එකේ තියෙන්නේ ඉගෙන ගන්න. ඊට පස්සේ ඉගෙන ගත්ත දෙයින් වැඩ කරන්න. අනික ඒක දෙකට සිමා වෙන්න එපා. මම මෙහෙට ආවේ PHP Developer කෙනෙක් වෙන්න හිතාගෙන උනත් දැන් VB, Android, SQL, Java වගේ හැම දෙයක්ම කරනවා. මුලින් ඒක පිස්සු වැඩක් කියල හිතුනත් හැම දෙයක්ම ඉගෙන ගන්න ඒක මාර වටිනවා..

ආයතනික පැත්තෙන් ගත්තොත් මම හිතනවා මට හම්බ උනේ හරිම තැන කියලා. කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව හැම දේම ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඉගෙන ගන්න වෙලාවක් නැහැ. මම හිතන්නේ මම තරම් කට්ට කන්නේ නැතුව ඇති වෙන කවුරුවත් අපේ බැජ් එකේ.
උදාහරණයක් කිව්වොත් ඊයේ උදේ 8 ට ආපු ඒක අද උදේ 3 ට ආපහු බෝඩිමට ගිහින් පැය 3 ක් නිදාගෙන ආපහු උදේ 8 ට එනවා. රැයක් දවාලක් කියලා වෙනසක් නැහැ.
හැබැයි මෙහෙම කට්ටක් කන්න හුරු උනා කියන්නේ වෙන ඕනෑම ජොබ් එකක් දරාගන්න පුළුවන්.

ඩිරෙක්ටර්, ප්රෝග්‍රමර්, සුළු සේවකයා කියලා වෙනසක් නැහැ. හැමෝම යාළුවො වගේ. වැඩ උනත් තමන්ගේ කොටස කරලා නිකන් ඉන්නේ නැහැ. කොටින්ම "ජොබ් එකක්" කියන න්‍යාය මෙහෙ නැහැ.

දැන් කොල්ල වැඩ පටන් අරන් මාසයක් වෙනවා. පලවෙනි පඩියත් හම්බ උනා කියමුකෝ. ඉතින් සාම්ප්‍රදායික චාරිත්‍රානුකුලව ගෙදර අයට තෑගී උස්සන් ගියා. ඇත්තටම ඒක මාර මොරාල් අප් වෙන වැඩක්. තමන්ගේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් අම්මට තාත්තට දෙයක් දෙනකොට ඇතිවෙන හැඟීම මාරයි.

මුළින් මහලොකු salary නැහැ. එත් අත්දැකීම් එකතු වෙන්න වෙන්න ඒක ඉබේම වැඩි වෙනවා.
මගේ තාත්ත මම මෙහෙට එද්දී කියපු දෙයක් තමයි, "හම්බ කරන්න ජොබ් එකක් කරන්න එපා - ජොබ් එකෙන් හම්බ කරන්න"

මුල්ම පඩියෙන් ඉතින් තාත්තට නෝමල් ෆෝන් එකකුයි, අම්මටයි නංගිටයි ඇඳුම් ගන්න කියලා ගිෆ්ට් වවුචර්ස් 2 කුයි දුන්නා. මාර හැපී. 
මටයි කියලත් මතක හිටින්න දෙයක් ඕන නිසා තව ඉතුරු කරපු සල්ලි ටිකක් දාලා කාලයක් තිස්සේ පැණි හලපු නොකියා ලුමියා බබෙක්ව ගත්තා.. 

Cool ... මම දැන් ලොකු ළමයෙක්... 


අසීමාන්තික අවකාශයේ.......
පියඹිය නොහැකිව.....
සමාජ බැමින් කොටු වී........
නිදහසට ලොබ බැඳ ..........
සුසුම් හෙලන....
මම නොවන මම........

යාන්ත්‍රික ‌‍‌‍‌දෛවයකට....
උරුමකම් පෑ පවකට....
අනිච්ඡානුග සොම්බියකු මෙන්...
හඹා යමි  ජීවිතය පසුපස...

අමාවක ගණඳුරු දිනෙක...
හිස් අහසේ තරුකැට අතර...
නොදුටු පුන්  සඳ සොයන...
මම නොවන මම........
ඉඳල හිටලවත් මොකක් හරි කුරුටු ගානවා කියල හිතුවට එකත් එහෙමම අමතක වෙනවනේ.. අද නම් කොහොම හරි විනාඩි 5ක් හොයා ගත්තා..
මේක මමයි යාළුවෙකුයි අතරේ උන කතාවක්. එකෙත් පොඩි මෙව්වා එකක් හිතන්න තියෙන නිසා දානවා.

කම්මැලි කමට ගෙදරට වෙලා ඉන්න බැරි දවස්වලටත් අපි NIBM යනවා සෙට් වෙලා පාඩම් කරන්න කියල හිතාගෙන. එත් ගොඩක් දවස් වලට වෙන්නේ සෙට් වෙලා Game ගහන එක තමයි. එකත් එක්තරා විදියක ඉගෙනීමක් නිසා කමක් නෑ කියමුකෝ..

හරි පහුගිය දවසකත් ඔහොම ගියා කියමුකෝ. අපි අපේ පාඩුවේ මුල්ලකට වෙලා Despicable Me: Minion Rush පැන්චෝ Game එක ගහනවා. (පොඩි උනාට මරු. Microsoft App Store එකෙන් Download කරගෙන බලන්න)

කොහොම හරි ඔන්න අපේ ජුන්නෝ බැජ් එකකටත් Tea-Break එක ලැබිල. එයාලත් කැෆේ එකේ පිරුණා. පැන්චෝ Game ගහන අතරේ පැන්චියෝ දිහා බලන එකත් සාමාන්‍ය ස්වාභාවික සංසිද්ධියක්නේ.
කන විදිය, ඇවිදින විදිය, කතා කරන විදිය එකිනෙකාට සපුරාම වෙනස්. සමහර කෙල්ලෝ අනිත් අය බලන් ඉන්නව කියල හිතන් අමුතු posh ගතියක් ආරෝපණය කර ගන්නවනේ. උන් රෝල්ස් එකෙන් කන්නේ බාගයයි, බිම එකෙන් බාගයයි බොන්නේ, එකත් පැය බාගයක් විතර හූනෙක් වතුර බොනවා වගේ, එත් අපරාදේ කියන්න බැහැ සමහරු නම් ඉන්නවා බලන උන්ට හෙන ගහපන් කියල කිඹුලා කිරිමැටි ගිලිනවා වගේ එක කටට රෝල්ස් එක ගිලල ඒ හුස්මටම බිම එකේ අන්තිම බින්දුවත් උගුරට හලාගන්න.. අනේ වාසනාවන්.

ගැහැණු කොහොමත් සාමාන්‍යයෙන් කැපිලා පෙන්න ආසයිනේ, එත් ඔය අතරෙත් ඉන්නවනේ කැපිලා x 2 පෙන්නන අයත්. එහෙම අය තමයි අනිත් අයගේ අවධානෙ ගන්න අමුතු අමුතු ඒවා කරන්නේ.. මෙතනත් ඉන්නවා එහෙම කෙනෙක්, හැමදාම අලුත්ම කැපිලා පේන ඇඳුම් (ඒවා නිකන් වියදම් යනවට ලෝබ කමේ මහපුවද කොහෙද) එක එක විකාර ගොඩයි.
හැබැයි අපරාදේ කියන්න බෑ සෝයි කෙලි පොඩ්ඩ. ෆේෂල්ද අරවද මෙව්වද කරලා ලස්සනට එම්බාම් කරපු මුණකුත් තියෙනවා. එහාට මෙහාට දුවනවා. මහා හයියෙන් හිනා වෙනවා.හරි සිරියාවයි.

මම, ගේම් එකේ ඔලුව ඔබන් ඉන්න යාලුවට,
මචන් අරක බලපන්..

යාළුවා - හ්ම්ම්ම්ම් .. හිටපන් මේ කෙහෙල් ගෙඩිය ගන්නකම්..

මම - කෙහෙල් ගෙඩිය අරන් %^$^%#%@%^$.. අර බලපන්..

යාළුවා - ශා.. සෝයි ළමිස්සි...

මම - කොහොමද එකී ඇවිත් උඹෙන් කැමතිද ඇහුවොත් යාලුවෙනවද ?

අරු.. මන් දිහා කින්ඩියට වගේ බැලුව..
යාළුවා - මොනවද යකෝ අහන්නේ.. අර වගේ පට්ට කෑල්ලක් ඇහුවොත් තව මොනවද.. බෑ කියනවා නම් ඌ අර "සමනළයා" වගේ එකෙක් වෙන්න ඕන. එහෙම එකක් සෙට් වෙන්න පුරුවේ පින තියෙන්න ඕන මල්ලි.

මම - හා .. එහෙනම් ට්‍රයි එකක් දීලා සෙට් කරන බැඳ ගනින්කෝ.. අපිටත් හොඳයිනේ එතකොට 

යාළුවා - බඳින්න.. ??? තොට මොංගල් ද ? අරම එකක් කර ගහන්න නම් ඌට පුරුවේ ලොකු කරුමයක් පඩිසන් දුන්නොත් තමයි.

මම - ඇයි.. දැන් උඹමනේ ගොන් තඩියෝ කිව්වො අරකි සෙට් වෙන්න පූරුවෙ පින තියෙන්නේ ඕන කියල. දැන් කරුමයක් කියන්නේ ??

යාළුවා - උගුඩුවො, කෙල්ලෙක් සෙට් වෙනවා කියන්නේ HTML, Javascript වගේ.. Execute වෙන්නේ Client side විතරයි.. එත් පුතා බඳිනවා කියන්නේ PHP 5.4.26 වගේ අතිශය Advance දෙයක්. මොකද ඒක execute වෙන්නේ සර්වර් එක ඇතුලේ. Client ට පේන්නේ අර execute වෙන එකේ result එක විතරයි.
ඒ වගේම කවදාවත් HTML වලින් විතරක් database handle කරන්න බෑනේ. උබට උබේ සර්වර් එකයි Database එකයි පරිස්සම් කරගන්න ඕන නම් හොඳ PHP Framework එකක් පාවිච්චි කරන්න වෙනවා විස්වාසවන්ත සහ 3rd party access නැති.

මතකද ඕකි මෙහෙට ආවේ එක Host එකක. ටික දවසකින් මේකිගේ Version update උනා විතරයි වෙන Host එකකට මාරු උනා. කළින් Host එක දැන් හිටු කියල DDOS ගහනව වගේ බෙබේ ගහනවලු.

අනික බන් අපි, කොල්ලෝ මොකක් හරි චාන්ස් එකක් ලැබුන ගමන් කෙල්ලෝ සෙට් කර ගන්නවා තමයි. එත් බලපන් දැන් අපේ උන්ගෙන්ම මාස 6 ට වඩා කල් පැනපු ලව් කීයද තියෙන්නේ.. කෙල්ලගේ පොත්ත රතු වෙලා වැඩක් තියෙනවද බන් හැදියාවක්, ස්වයං පාලනයක් නැතුව. කොල්ලෙක් හදන්නත්, නැති කරන්නත් කෙල්ලෙක්ට පුළුවන්..

කවද හරි පවුලම, ගෙදර තනිකර Run කරන්න ඕන ගෙදර ගෑනි.. ඒකට ඔය කෙහෙල්මල් ලස්සනයි, පාටයි තිබිල මොකටද.. වගකීම් දරන්න පුළුවන්, කීකරු, කොටින්ම 1st Impression එකෙන් කුප්ප හැඟීමක් නැතුව, දැක්කම හිත සන්සුන් වෙන කෙල්ලෙක් බන් බඳින්න ඕන. මෙහෙම වසංගත හොඳ ටික කාලෙකට හයර් කරන්න විතරයි.

මම   උඹ මට වඩා දියුණු වෙලානේ බන්........

යාළුවා - හැම කොල්ලම එහෙම තමයි බන්. කවදාවත් උන් බඳින්න පට්ට කෑල්ලක් හොයන්නේ නෑ. යාලු වෙන්න විතරයි පට්ට කෑලි හොයන්නේ..

බලහන් උබේ මේ මඟුලක් බලන්න ගිහින් ආපහු මුල ඉඳන් මේක ගහන්න උනානේ. අපරාදේ කෙහෙල් ගෙඩි ටික.. 

මම - හා හා... දැන් උඹේ මහලොකු කෙහෙල් ගෙඩිය ගහ ගනින්කෝ. මම මේ ඇපල් ගෙඩියක් හොයනවා...


සෑහෙන කාලෙකින් බ්ලොග් ජීවිතේට එන්න බැරි උනා... ඒ ඇත්ත ජිවිතේ එක්ක හිරවෙලා හිටපු නිසා.. ඔය දෙක අතර වැඩි වෙනසක් නැති උනත් ඇත්ත ජිවිතේ කවදාවත් Undo සහ Redo button දෙක නෑ.. තිබුන නම් මේ ලෝකේ මිට වඩා ගොඩක් වෙනස් වෙයි ...

පහුගිය මාස 3 ට ගොඩක් ලොකු වෙනස්කම් නොවුනත් ගොඩක් දේවල් ඉගෙන ගත්ත.. සමාජයේ රඳා පවතින්න නම් වැල යන අතට මැස්ස ගැසීම , ඕනවට වඩා අවංක නොවීම, ඕනවට වඩා සාධාරණ නොවීම වගේ විකාර දේවල්..
කොටින්ම "ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැත" කියන සංකල්පය.

පුංචි වැඩ කිහිපයක් පටන් ගත්තා.. ජොබ් කරන්න තව කල් තිබුනත් (මම ජොබ් කරන්න කැමති නැතෝ) අර මොකක්ද එක ඊට වඩා ලොකු නිසා දැන් ඉදන්ම මොකක් හරි කරන්න ඕනෑකම තියෙනවා. එත් එදා මෙදා තුර කරපු දේවල් වලින් පාඩුවක් මිස ලාභයක් නම් උනේ නෑ..

බොරලුගොඩ, රජා, කළු සුදු ,දෙසකයා , සිතුවිලි සිතු කට්ටිය නම් හැමදාම වගේ මුණු පොතෙන් හම්බ වෙනවා.. කොහොම උනත් මේ පොස්ටුව ලිව්වේ මම තාම පන පිටින් ඉන්නවා කියල කියන්න විතරයි.
පුළුවන් වෙලාවට බ්ලොග් කියවන්නත් එනවා කලාතුරකින් හරි මමත් මොනවා හරි කුරුටු ගාන්නම්.
දැනට ගිහින් එන්නම් ..

ප.ලි: කීප දෙනෙක් මඩක් ගහල තිබුනා මිට කලින් පොස්ටුවේ තිබුන විදියේ ගෑල්ලමයෙක් නොලැබීම නිසා මම අතුරුදහන් වෙලා කියලා.. ගර්ර්ර්ර්ර් 

ගෑල්ලමයි කොහොම උනත් මම හිත හිටපු විදියේ ස්ලිම් ලස්සන අලුත්ම ලැපියෙක් නම් නම් කැන්දන් එන්න හම්බ උනා .. මේ එයා එක්ක ලියන පලවෙනි පොස්ටුව .

සුභ නිදහස් උත්සවයක් වේවා !

මුදල් නොගෙවා ප්‍රචාරය කරනු ලබන දැන්වීම් 

1)
ඔබගේ ආයතනය/ ව්‍යාපාරය ගැන රටටම/ ලෝකයටම දන්වන්න අවශ්‍යද ? දියුණුවන තාකෂණික ලෝකයත් සමඟ ඔබේ ව්‍යාපාරයත් යාවත්කාලීන කරන්නට කැමතිද ? නමුත් තවමත් ඔබේ ව්‍යාපාරයට නිල වෙබ් අවකාශයක් නොමැතිද ?

දැනට ඇති නවීනතම තාක්ෂණයෙන්, ඔබේ ව්‍යාපාරයේ අභිමානය වඩාත් තීව්‍ර කරවන පරිදි, නිර්මාණශීලීව එහෙත් ඉතා සාධාරණ සහ අවම මිලක් යටතේ සේවා සැපයීමට අප සූදානම්..
මෙම ලින්කුව ක්ලික් කර අප හා සම්බන්ධ වන්න . www.sanhida.com

2)
අවම වියදමකින් ඔබේ ව්‍යාපාරය හෝ වෙබ් අඩවිය ලාංකීය ජනතාව අතර ප්‍රසිද්ධ කිරීමට අවශ්‍යද ?
රු : 150/- වෙනි සුළු මුදලකින් විදේශ දැන්වීම් සමාගම් වලට වඩා ආයෝජනයක් !
දැන්ම එකතු වන්න ..
***********************************************************************
නිවසේ සිට මුදල් උපයන්න.. ප්‍රතිඵල සහතිකයි... බ්ලා බ්ලා .. බ්ලාආආආ.


හනී බනී වෙන් වෙලා දැන් මාස 8ක් විතර ඇති. ගොඩක් දෙනා අහන දෙයක් තමයි එච්චර  ආදරේ කරා නම් කොහොමද දැන් ගානක් නැතුව ඉන්නෙ කියන එක. ඕකට හොඳ උදාහරණයක් කියන්නම්. අපේ තාත්තගෙ මිත්‍රයෙක්ගෙ wife ළඟදි Cancer එකකින් නැති උනා. පෞද්ගලිකවම මං දන්න දෙයක් තමයි ඒ දෙන්න අතරෙ පුදුම ආදරයක් තිබුනෙ. එයාලගෙ විවාහ ජීවිතේට අවුරුදු 19කටත් වැඩියි. ඒත් මළ ගෙදරදි, ආදාහන කටයුතු කරද්දිවත් ඒ අංකල් පොඩ්ඩක්වත් ඇඬුවෙ නෑ. කිසිම දුකක් පේන්න තිබුනෙත් නෑ. හිස් බැල්මෙන් බලාගෙන හිටිය විතරයි.
කටයුතු ඉවර වෙලා අපි ආපහු යනකොට ඒ මනුස්සය කිව්ව හරි අපූරු කතාවක්,
"නෝන නැති උනාට මට දුකක් නෑ.. ඒත් එයා නැති පාළුව මගේ ජීවිත කාලෙම තියේවි. පහුගිය අවුරුදු 19ටම එයා මටත්, මගෙන් එයාටත් වෙන්න ඕන යුතුකම් ටික ඉටු කරා. අපි දෙන්න දෙන්නටම ණය නෑ.."

එච්චරයි.. මමත් කාටවත් ණය නෑ.. ඒත් අද (ඔක්තෝම්බර් 30) තමන්ගෙ 20 වෙනි උපන් දිනේ සමරන හනී බනීගෙ සියළු කටයුතු, අනාගතේ, බලාපොරොත්තු සාර්ථක වෙන්න කියල මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

ඇත්තටම ඇයි කොල්ලෙකුයි කෙල්ලෙකුයි (සම්මතයට අනුව) යාළු වෙන්නෙ/ ආදරේ කරන්නෙ/සම්බන්ධයක් ඇති කර ගන්නෙ ?? කෙල්ලන්ගෙ පැත්තෙන් මං ඒක දන්නෙ නෑ. මගේ දැක්මට අනුව කියන්නම්...
වර්තමානයේ නම් තරුණ වයසෙ කෙනෙක් තමන්ගෙ පෙම්වතා/ පෙම්වතිය තෝරගන්නෙ කාරණා 3ක් නිසා,

  1. අනිත් අය කරන නිසා / සමාජ සම්මතයක් නිසා
  2. කායික / මානසික ආශාවන් සන්තර්පණයට
  3. අනාගතේ තමන් තනිවේ යැයි බිය නිසා
1. අනිත් අය කරන නිසා / සමාජ සම්මතයක් නිසා

ඇත්තටම වයස 18 හෝ 16න් පහළ , පාසල්වල ශිෂ්‍යයන් මේකට පෙළඹෙන්නෙ මෙන්න මේ නිසා. ඔවුන්ට ඇත්තටම කොහෙත්ම තමන් මේ කරන්නෙ මොකක්ද, ඒකෙ අවසානය මොකක්ද කියලවත් හැඟීමක් නෑ. ඔවුන්ට එදිනෙදා දකින්න ලැබෙන දේවල් නිසා මේකට පෙළඹෙනවා. මීට අවුරුදු 5කට 6කට කළින් හැංඟි හැංඟි පවත්වපු මේ ආදර කතා, අද වෙනකොට ප්‍රසිද්ධියේ පාසල් නිල ඇඳුමින්ම ඉන්න තත්වයකට පත් වෙලා. මං මේ කියන්නෙ ඒක සම්පුර්ණයෙන් වැරදියි කියන එක නෙවෙයි. ඒක ඉතාමත් සාමාන්‍යයි ඒත් දැඩි පාලනයකට යටත් වෙන්න ඕන. නැත්නම් තමන් නවතින්නෙ කොහෙන්ද කියන එක තමන්ටත් හිතා ගන්න බැරි වෙයි. මේක වැඩිපුරම බලපාන්නෙ ගැහැණු ළමයින්ට. අද වෙනකොට අවංකවම අඩුම තරමින් කොල්ලෙක් එක්ක පාර්ක් එකකට රිංගපු නැති කෙල්ලෙක් හොයාගන්න බැරි තරමට මේක පැතිරිලා..

දැන් ඔබ කියාවි, ඇයි කෙල්ලන්ගෙ පැත්තෙන් විතරක්, කොල්ලොත් එහෙමනෙ කියල.. ඔව්.. ඒත් මතක තියා ගන්න කවද හරි විවාහ වෙන දවසට නෑදෑයො හොයන්නෙ කෙල්ලගෙ පැත්ත විතරයි. කොල්ල ගෑණු 10ක් එක්ක නිදාගෙන තිබුනත් ඒක බලන්නෙ නෑ, දැන ගන්නත් බෑ.. ඒත් කෙල්ලෙක්ට චරිතෙ කියන එක බොහොම වටිනවා.. ඒක අසාධාරණයි තමයි... ඒත් ඒක එහමම තමයි 

2. කායික / මානසික ආශාවන් සන්තර්පණයට

මේකත් එහෙමම තමයි. බොහෝ විට මේක වෙන්නෙ blue films නිසා.. කතා කරල තේරුමක් නෑ.. ලංකාවෙ කෙල්ලො කොල්ලො කොච්චර පහත් තත්වෙට මේ වෙනකොට වැටිලද කියල හිතාගන්න පුළුවන්.. කෝරලේ මහත්තයා ලියපු මේ පෝස්ට් එක කියවන්න (බල්ලෙකු සමග ලිංගික ඇසුරක් පැවැත්වූ තරුණිය අමාරුවේ....... 18++)
මං දන්න කියන මාතර ගෙස්ට් හවුස් එකක් කරන කොල්ලෙක් ඉන්නවා. කාමර 6යි. මාසික ආදායම කීයක් කියලද හිතන්නේ ?
රුපියල් එක්ලක්ෂ හැටදාහ පනිනිවා. ඒකෙන් ගෙදර කුළිය  විදියට හතලිස්දාහක් ගෙවනවා. ඉතිරිය ශුද්ධ ලාභය.. වැඩිපුරම එන්නෙ ඉස්කෝලෙ වයසෙ කොල්ලො කෙල්ලොලු. සමහර වෙලාවට එකම කොල්ල දවස් දෙකකදි කෙල්ලො දෙන්නෙක් එක්ක එන අවස්ථායි, එකම කෙල්ල කොල්ලො දෙතුන්දෙනා එක්ක එන අවස්ථායි ඕන තරම්ලු.

3. අනාගතේ තමන් තනිවේ යැයි බිය නිසා

මේක තමයි මට කතා කරන්න ඕන. ඔයා කොල්ලෙක් නම් මුල්ම දවස්වල තමන්ගෙ පෙම්වතිය බලන්න ගියපු හැටි මතකද ?
දෙතුන්පාරක් දත් මැදල, රැවුල කපලා, තියෙන හොඳම ඇඳුම් ඇඳලා, ඩෙක්/ කැන්වස් සපත්තු දාලා.................... ඒත් අවුරුද්දක් දෙකකට පස්සෙත් ඇත්තටම එහෙමද? රබර් කටු දෙකක් දාගෙන දවස් ගානකින් හෝදපු නැති ඩෙනිම් ගහගෙන යනවා නේද ?
ඇත්තටම එහෙම විය යුතුමයි.. අනිවාර්යයෙන්ම. නැත්නම් ආදරය කරන කාලය පුරාවට ඇයට දකින්න ලැබෙන්නෙ ඔයාගෙ හොඳම ඇඳුම් පැළදුම්/ ආභරණ විතරයි.. එහෙම ඉඳල යම් දවසක විවාහ උනොත් Honeymoon එක දවසට පස්සෙ දවසෙ උදේම එපා වෙයි.. මෙච්චර කල් දිව්‍ය ආභරණ වලින් සැරසිල එක පාරටම කුණු කෙල, කබ, හොටු, දාඩිය පෙරාගත්ත මළ පෙරේතයෙක් දැක්කම  ඇයට ඔබේ දාඩිය සුවඳ දැනෙන්න දෙන්න, කට ගදයි නම් refreshment නොගහ ඇත්ත ගඳ දැනෙන්න දෙන්න. ඇයට යථාර්තය පෙන්වන්න. එයා ඒකට අකමැති උනොත් ඇය කොහෙත්ම ඔබට ගැළපෙන්නෙ නැහැ.. මොකද එහෙනම් එයා හොයන්නෙ හින්දි ෆිල්ම් වල ඉන්න පවුඩර් වීරයෙක්. කවදාවත් සැබෑ ජීවිතේ එහෙම උන් නැහැ..

ඔබේ දේවල් ඇයට අප්‍රිය නම් ඒකත් හරියන්නෙ නෑ..කවද හරි ඔබට යම් අනතුරක් උනොත් (ජීවිතය ගැන විස්වාස කරන්න බෑනෙ) ඔබ එකතැන් උනොත්, අතක් පයක් කැඩිල නැඟිටගන්න බැරි උනොත් කැවීම් පෙවීම් වල ඉඳල මල, මුත්‍ර ඉවත් කරන්නත් වෙන්නෙ ඇයටයි. "ඈක්කා.. මේ මොන කරුමයක්ද කියල" දමල ගහල නොයන ආදරයක් ඇයට තියෙන්න ඕන...
අනිත් වැදගත්ම කාරණය විශ්වාසය..
ආදරයක් පවතින්න නම් මේක අනිවාර්යයයි. නමුත් කාලයත් එක්ක මේක පවත්වා ගන්නත් අමාරුයි. ඒත් ඔබ මුලින් අවංක වෙන්න, ඊට පස්සෙ ඇගේ අවංකකම ගැන පරීක්ෂාකාරී වෙන්න.. විස්වාශය එක පාරක් බිඳුනොත් කවුරු කොහොම කිව්වත් ඒක නැවත තිබුණූ තත්වෙට ගන්න බෑ බෑමයි..

අනිත් කාරණය තමයි ඔබ දෙදෙනා ජීවිත දෙකක්. "අපි දෙන්න දැන් දෙන්නෙක් නෙවෙයි එක්කෙනෙක් " කියන බයිලා සම්ප්‍රදාය ඇත්තක් නෙවෙයි කියල ප්‍රායෝගිකව ආදරේ කරන අය දන්නවා. දෙන්නට තියෙන්නෙ වෙනස් සිතුම් පැතුම්/ ආශාවල්.. නමුත් ඒක සුළු වශයෙන් හෝ ගැලපෙන්න ඕන, එහෙමත් නැත්නම් එක්කෙනෙක්ගෙ යහපත වෙනුවෙන් අනිකාගෙ අදහස් පොඩ්ඩක් වෙනස් කරගන්න ඕන. ඔතනදි දෙන්නම එකිනෙකාට සෙකන්ඩ් වෙන්න අකමැති නම් වැඩේ අවුල්. පවුල් අවුල් වෙන්නෙ ඔන්න ඔතනදි..

මතක තියා ගන්න "ඕන රෙද්දකට සනී සබන් " කියලවත්, "නාඩි වැටෙනව නම් පාන් කෑල්ලත් මොකෝ " කියලවත් පෙම්වතිය තෝරගන්න එපා. ජීවිත කාලෙම එකට ඉන්න පුළුවන් කෙල්ලෙක් හොයා ගන්න. මුලින්ම ඇය ගැන සියළු විස්තර හොයන්න. සීයා, ආච්චිගෙ කාලෙ ඉඳන්ම.. ඔබ ඕව හෙව්වෙ නැතත් ඔබේ දෙමව්පියො හොයනවා. ඒව මොකටද කෙල්ල හොඳ නම් කියල ඔබ කියාවි. ඒත් කවදාවත් දෙමව්පියොන්ගෙ හිත් රිදවල තීරණ ගන්නෙපා. ඒකට කවදා හෝ විඳවන්න වෙනවා වෙනවාමයි..

දැන් කෙනෙක් කියාවි අපේ පැත්තෙ ජෝඩුවක් ගෙදරින් අකමැති වෙලා බැන්ඳා. දැන් ඔය යස අගේට ඉන්නෙ කියලා. ඇත්ත වෙන්න පුළුවන්. ඒත් බලන්න කවද හරි ඕක අනිත් පැත්ත ගැහෙනවා. එහෙමත් නැත්නම් උන්ගෙ දරුවොත් කවද හරි හිතුවක්කාරෙට විවාහ වේවි. අන්න එදාට උන් දෙන්නට තමන්ගෙ දෙමව්පියොන්ට දැනුණු දුක ඒ විදියටම දැනේවි.. හැබැයි මං කොයිම වෙලාවකවත් කියන්නෙත් නෑ ලෝකෙ හැම දෙමව්පියෙක්ම, හැම වෙලාවකම ගන්න තීරණත් නිවැරදියි කියලා...

අන්තිමට කොළඹ විශ්ව විද්‍යාලයේ (පුවත්පත් වලට තීරු ලිපි ලියන) මහාචාර්යය වරයෙක් මට Facebook එකෙන් කියපු කතාවක් කියන්නම්. එතුමාගෙ නම දාන්න බැරි බොහොම ප්‍රසිද්ධ කෙනෙක් නිසාත් පහත වාක්‍යයේ භාෂා හැසිරවීම නිසාත්. (නමුත් හිතාගන්න පුළුවන්නෙ කවුද කියලා)

"පුතා, ගෑණියෙක් ගන්නව නම් තමන්ට අවංක වෙයි කියල හිතෙන, උඹටත් ඒකි වෙනුවෙන් ඕනම දෙයක් දෙපාරක් හිතන්නෙ නැතුව කරන්න පුළුවන් කියන හැඟීම දැනෙන එකියෙක් ගනින්. ඒකි doctor කෙනෙක්ද professor කෙනෙක්ද 5 වසරට ගියපු ගමේ ගෑණියෙක්ද කියල වැඩක් නෑ.. කොච්චර උගත් උනත් පවුල් කන්න, අවබෝධයක් නැත්නම් මොකටද.. අනිත් එක ජීවිතේට, ත# 2යි පු#යි බලල ගෑණු තෝරගන්නත් මෝඩ වෙන්න එපා."


මං මුලින්ම NIBM එකට ගියපු දවසෙ තමයි ඔහුව මුලින්ම දැක්කෙ.. ඒ කවුද, කින්ද මන්ද කියලවත් මං දන්නෙ නෑ.. ඈත ඉඳන් අඩි බරට තිය තියා ආපු ඔහු දිහා කටත් ඇරන් මං බලන් හිටියෙ යෝධයෙක් දිහා බලන් ඉන්නව වගේ...
"ඒ තෙපුල් සර්... මේකේ ලොක්කා "
එහෙම කිව්වෙ Institute එකේදි මුලින්ම මාත් එක්ක කතා කරපු බලෙන්ම අදුරගනිපු කොල්ලා, ඇඩ්ඩිං.

ඇත්තටම තෙපුල් සර් කියන්නෙ යෝධයෙක්. මට විතරක් නෙවෙයි Institute එකේ හැමෝටම ඔහු යෝධයෙක්. ඒත් සාම්ප්‍රදායික ආයතන ප්‍රධානියෙක්ගෙ තියෙන දරුණු ගති, සැරපරුෂ කම් අතින් ඔහු ලිලිපුට්ටෙක්. ඔහු කිසිම වෙලාවක තමන් යටතේ සේවය කරන කිසිම කෙනෙක්ට යන්තමින් හෝ දොස් පවරනව මේ අවුරුද්දක පමණ කාලය තුල මං දැකල නෑ. අඩුම තරමින් ශිෂ්‍යයෙක් උන මට හෝ වෙනත් කිසිම ශිෂ්‍යයෙකුට තෙපුල් සර් ඇස් රතු කරන් යක්ෂයා අරක් අරන් ඉන්න වෙලාවක් දකින්න ලැබිලම නැහැ. වැඩිපුරම ඔහුගෙන් බැනුම් අහල තියෙන්නෙත් අපේ batch එක වෙන්න ඇති. නමුත් අවාසනාවට සර්ට හරියට බනින්න තේරෙන්නෙ නෑ. බැන්නත් බොහොම සුහඳ විදියට හිනා වෙවී, ඉතිං ඒකට "බැනීමක්" කියල අර්ථකථනය කරන්නෙත් තෙපුල් සර්ම තමයි. අපිට නම් ඒක බොහොම සුහදශීලීව දෙන අවවාදයක්.

මං දන්න විදියට සහ පැරණි ශිෂ්‍යයො කියන විදියට මේ ආයතනය මේ තත්වෙට පත් කරේ තෙපුල් සර් තමයි. තමන්ගෙ දහඩිය මහන්සියෙන් රැකියාවක් කියල නොහිතා, යුතුකමක් කියල සළකාගෙන ආයතනය ගොඩ නඟන අතරෙම සර් හොඳට හම්බ කර ගත්තා, හැබැයි සල්ලි නෙවෙයි මනුස්සකම සහ මිනිස්සු.....

ඕනම අධ්‍යාපන ආයතනක ආදී කාලයේ පැවත එන සිරිතක් විදියට සිසුන් විසින් තමන්ගෙ ආදරණීය ගුරුවරුන්ට නම් තැබීමේ උත්සව එහෙමත් නැත්නම් බෞතිස්ම කිරීමේ උත්සව පවත්වනවනෙ. මං ඉස්කෝලෙ යන කාලෙ 4,5 වසරවල ඉඳන්ම ඉඳන්ම මේ වෙනකම්, මෙයින් තව ඉදිරියටත් ඕක තියෙනවා. මගේ මතකයේ විදියට ඉස්කෝලෙ කාලෙ හිටපු ගුරුවරු මතකයේ තියෙන්නෙ ඇත්ත නමින් නෙවෙයි, අපි ඔවුන්ට හැම තිස්සෙම (නැති තැන) ආමන්ත්‍රණය කරපු නමින්.. සූදුරුක්කු සර්, කුමාරිහාමි ටීචර්, ගොඩ්සිලා, කොස් ඇටයා සර්, තට්ට බන්දු සර් මගේ මතකයේ තාමත් ඉන්න කීප දෙනෙක්..
මොකක් උනත් ඔය නීතිය තාමත් තියෙනවා. ඒත් කවදාවත් තෙපුල් සර්ට කිසිම ළමයෙක් අන්වර්ථ නාමයක් හදල නෑ, හදන්න උත්සාහ කරෙත් නෑ.. ඒකට මූලිකවම හේතු වෙන්න ඇත්තෙ සර්ගෙ අසාමාන්‍ය පෞර්ශයය. ඒකෙන් සර්ට ඕනම පුද්ගලයෙක් එක්ක ක්ෂණිකව මිතුරු වෙන්න පුළුවන්කම තිබුනා. නමුත් ඒකෙන් කියවෙන්නෙ නෑ අපිට උගන්නන අනිත් ගුරුවරුන්ට අපි නම් හැදුවෙ නෑ  කියලා.. ඒක අදාල නොවුනෙ තෙපුල් සර්ට සහ අපේ අනිත් කථිකාචාර්ය වරියට විතරයි.

සර් හැමතිස්සෙම හිටියෙ ළමයි එක්ක, ප්‍රශ්ණයක් උනොත් ගත්තෙ ළමයින්ගෙ පැත්ත. ඒ නිසාම ළමයිනුත් සර් එක්ක හිටියා ඕන දේකට. සර්ගෙ එක command එකකින් class එකේ විතරක් නෙවෙයි සම්පූර්ණ package එකේම function call කිරීමේ හැකියාව තිබුණා.. සර් ශිෂ්‍යයො වුන අපි නිසා මාර විදියට දුක් වින්දා, ඒත් කවදාවත් ඒක පිටට පෙන්නුවෙ නෑ, ළමයිනෙ අධ්‍යාපන ප්‍රශ්ණ, වලි ප්‍රශ්ණ විතරක් නෙවෙයි ලව් ප්‍රශ්ණ වලට පවා මැදිහත් වෙලා විසඳුවෙ සර්. ඇත්තටම වෙන පෞද්ගලික විශ්ව විද්‍යාලයක ආයතන ප්‍රධානියෙක් ඔහොම දේවල් තියා ලේසියෙන් හම්බ වෙන්නවත් බෑ. ඒත් අපේ තෙපුල් සර්ගෙ room එකේ දොර ඕනම වෙලාවක ළමයින්ට විවෘත වෙලා තිබුනා. මොන වැඩේ කර කර හිටියත්, වෙන දෙයක් තියා කෑම කකා හිටියත් ඒක නවත්තලා ආපු කෙනා වෙනුවෙන් පූර්ණ අවධානය යොමු කරනවා. කවදාවත් ආපු කෙනෙක් ආපහු හරවා යවල නම් නෑ.. ඒ වගේම ගෙදරින් එන දවසට අම්මලට තමන්ගෙ ළමයගෙ හොඳ වැඩිපුර කියලා වැරැද්දත් නොකියා කියන්න සර් හරි හපනා.

ඇත්තටම මං සර් එක්ක පෞද්ගලිකව කතා කරල තියෙන්නෙ අතේ ඇඟිළි ගානටත් වඩා අඩු බොහොම සුළු ප්‍රමාණයක්. ඒත් ඒ ටික ඇති පුද්ගලයා කවුද කියල තේරුම් ගන්න..
මං මුලින්ම සර්ගෙන් ප්‍රශ්ණයක් අහන්න ගියේ අනිත් උන් දිහා බලන් ඉඳලා.. ඒ අපේ මුල්ම පාඩම. අනිත් හැමෝම එකා පස්සෙ එකා ගිහින් සර්ගෙන් ප්‍රශ්ණ අහනවා. මටත් මේක බලන් ඉන්න බැරිම තැන මමත් හිතට ගට අරන් ගියා කටට එන ඕන රෙද්දක් අහනවා කියලා.. මං මුලින්ම අහපු ප්‍රශ්ණේ,

"Open source script එකක ඔක්කොම විවෘත නිසා ඒවගෙ security හොඳ වෙන්නෙ කොහොමද? ඕන කෙනෙක්ට ඒකෙ source එක බලලා ඒක විනාස කරන්න code අළුතින් ලියන්න පුළුවන්නෙ? "

සර් දීපු උත්තරේ,
"ඉතින් එහෙම කෝඩ් එකක් inject කරත් පැහැදිලිව පේනවනෙ වැරැද්ද මෙතනයි කියල. code එක open නිසා.අනික මිනිස්සු විවෘත දේවල් ගැන හිතන්නෙ නෑනෙ. වහල තියෙන දේවල් තමයි පරීක්ෂාවට ලක් කරන්නෙ"

මං ඒ කාලෙ දන්න රෙද්දක් නෑ (දැනුත් එහෙමයි).. අනිත් උන් යන නිසායි, සර් එක්ක කතා කරන්න තිබ්බ ආසාවටයි ගියා මිසක්. ඊට පස්සෙ හිතේ බය අඩු උන නිසා කීප වතාවක් ගිහින් ගෙදර මහා කොම්පියුටරේ කැඩුණම කඩේ කොළුවට නොදී ගෙදරදිම හදා ගන්න හැටි අහ ගත්තා. මං ගියපු හැම වතාවෙම tea-break එකක්. ඒ හැම වතාවෙම සර්ගෙ තේක නිවෙද්දි මාත් එක්ක කතා කරා. කොහොම උනත් කැන්ටිමේ අක්ක සීනි කිලෝ එකක් විතර දාල හදන, ඒත් කවදාවත් සීනි දිය නොකරන තේක සර් අවුරුදු 3ක් 4ක් තිස්සෙ බිව්වෙ කොහොමද කියල නම් මට පුදුම හිතුනා.


සර් ළමයින්ට පෞද්ගලිකව කරපු උදව් එමටයි. සාමාන්‍යයෙන් ඕනම batch එකක batch-top සහ මුල් ranks ටිකට කොහොමත් job vacancy අතටම ලැබෙනවා. ඒත් තෙපුල් සර් හැම තිස්සෙම හිතුවෙ සමස්ථය ගැන. තමන්ට පුළු-පුළුවන් විදියට තියෙන පෞද්ගලික සම්බන්ධකම් උපයෝගී කරගෙන හැමෝටම ජොබ් හොයල දුන්නා. හොයා ගන්න උදව් කරා..
 *  *  *  *  *  *   *  *  *  *  *  *   *  *  *  *  *  *   *  *  *  *  *  *
ජේසුතුමා ජීවත් උනේ මහජනයා එක්ක, ඒත් ඒකට පාලකයො බය උනා, තමන්ට ලබා ගන්න බැරි මහජන ප්‍රසාදය උන්වහන්සේට ලැබෙනවට ඔවුන් කැමති උනේ නෑ. අවසානයේ පාලකයන් ජයග්‍රහනය කරා...
 *  *  *  *  *  *   *  *  *  *  *  *   *  *  *  *  *  *   *  *  *  *  *  *

ආයතනයක සේවා ලාභියෙකුට එම ආයතනයේ පරිපාලනය ගැන හෝ පරිපාලනමය තීරණ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට හෝ විවේචන ඉදිරිපත් කිරීමට සදාචාරාත්මක අයිතියක් නෑ.. ඒත් ඒ ආයතනය ගැන කලකිරීමට ඔවුන් පත් වෙන්න පුළුවන්.. හැබැයි සේවා දායකයන් නැතිව ආයතන වලට පැවැත්මකුත් නෑ.

ලෝක ප්‍රසිද්ධ Apple company එකෙත් අභ්‍යන්තර කුමන්ත්‍රණ වලින් ඒකෙ ප්‍රධානියා වුන ස්ටීව් ජොබ්ස් සහ ඔහුගේ ළඟම හිතවතුන් ආයතනයෙන් ඉවත් උනා. නමුත් ඔවුන් නැතිව ආයතනයට පැවැත්මක් තිබුනේ නැහැ. ඉතාම කෙටි කලකින් ආයතනය බංකොලොත් උනා. ස්ටීව් ජොබ්ස් නැවත ඒ තනතුරු වලට ආවට පස්සෙ තමයි ආයතනය රැකුනේ.. සුදුස්සාට සුදුසු තැන නොලැබුණොත් ඒක අනිවාර්යයෙන් බංකොලොත් වෙනවා.
  *  *  *  *  *  *   *  *  *  *  *  *   *  *  *  *  *  *   *  *  *  *  *  *
 කොහොම උනත් ඒ අපේ තෙපුල් සර්, ඔහුගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු කරගන්නත් එක්ක කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යය වරයෙක් වෙලා අපෙන් සමුගෙන යනවා. කොළඹ කැම්පස් එකේ පරිගණක ඉංජිනේරු විශය හදාරන සිසුන් ඒ අතින් අපට වඩා ගොඩාක් වාසනාවන්තයි. (ඒකනෙ කැම්පස් සිලෙක්ට් උනේ )

කොහොම උනත් සර් ගිහින් දැනට සතියක්. ලංකාවෙ මිනිස්සුන්ට ඕනම දෙයක් සති 2න් අමතක වෙනවා කියල ප්‍රභාකරන් කියපු කියමනක් තියෙනවා. ඒක ඇත්ත වෙන්න පුළුවන්. ඒත් සමහර සිදුවීම්, පුද්ගල චරිත අපේ මුළු ජීවිත කාලය පුරාම මතකයේ තියෙනවා. තෙපුල් සර් එහෙම චරිතයක්..

"ගෞරවය යනු බලෙන් ලබා ගත හැක්කක් නොව තමා විසින් කරන ක්‍රියාකාරකම් මත සහේතුකව අන්‍යයන් විසින් තමාට ලබාදෙන දෙයකි"

මේක තෙපුල් සර් හොඳින් අවබෝධ කරගෙන හිටියා. සර් කවදාවත් 'මට ගරු කරපල්ලා' කියල කිව්වෙ නැහැ. ඉබේම අපිට ඒ ගෞරවය ඇති උනා. ඒ වගේම සර්ට සාමාන්‍යය මනුශ්‍යයෙක් ඉක්මවා ගියපු ඉවසීමේ ගුණයක් තිබුනා. ඒකෙන් අයුතු ප්‍රයෝජන ගනිපු උනුත් හිටියා..
ඒත් සර් හැම තිස්සෙම කිව්වෙ "තමන් හරියට වැඩ කරල තමන්ගෙ ගමන යන්න !" කියල විතරයි..

කොහොම උනත් සර්ට වරදින්නෙ නැහැ. මොකද සර්ගෙ ගතිගුණ වලට ඉරිසියා කරන මිනිස්සුන්ට වඩා ආදරේ කරන අය දහස් ගුණයකින් වැඩියි.
ඉතින් ජීවිතයේ හමු වූ ශ්‍රේෂ්ඨතම ඇදුරාණනි, ඔබේ සියළු කටයුතු සාර්ථක වේවා ! ඔබේ ගෝලයෙකුයැයි ආඩම්බරෙන් කිව හැකි වූ තත්වයකට පත් වූ දිනෙක අපි නැවත හමුවෙමු. එතෙක් ඔබට තෙරුවන් සරණයි !

------------------------------------------------------------------------------------------------------
මේක එතුමන්ට ගෞරවයක් පිණිස අවංකවම හිතේ ඇති වුන හැඟීමක්. Professional post එකක් නම් නෙවෙයි. කොහොමත් සිංහල බ්ලොග්කරුවන් කවුරුවත් Professional bloggers ල නෙවෙයි. අපිට තියෙන්නෙ තම තමන්ටම ආවේණික Standard එකක් විතරයි.. Professional bloggers ල හැම දේම කරන්නෙ සල්ලි වෙනුවෙන්. ඔවුන් ඉල්ලුමට සැපයුම ලබාදීම විතරයි සිදු කරන්නෙ. ඒත් Standard blogger කෙනෙක් ලියන්නෙ සමාජයට යමක් දෙන්න හෝ තමන්ගෙ හැඟීම් අන්‍යයන් එක්ක බෙදා ගන්න විතරයි.

ඉතින් ඔබත් Professional Person (PP) කෙනෙක් වෙනවට වඩා  Standard Person (SP) කෙනෙක් වෙන්න උත්සාහ කරන්න.... !!

Welcome to My Blog

About Me

Author Image
  • Facebook
  • Twitter
  • Google Plus
මගේම ෆැන්ටසි ලෝකෙක ජීවත්වෙන, ඒ ෆැන්ටසිය ඇතුලේ සම්මත ලෝකයේ යතාර්ථය සොයන තවත් එක ජීවියෙක්...
know more..

Blogger Followers

Find Me On Facebook

Blog Archive

Friend's Blogs

- Copyright © Thoughts Of Yasith | යසිත්ගේ සිතුවිලි - Designed by Yasith Gamage -