2013-02-16

ෆේස් බුක් එකේ දවසකට ශෙයා වෙන ෆොටෝ තොගේ කියා ගන්න බැරි තරම්නේ.. අපි සමහරු මේ ෆොටෝ බාගෙන අපේ වගේ ආපහු අප්ලෝඩ් කරනවනේ. කොහොම උනත් මේ කියන්න යන්නෙ අපේ යාළුවෙක්ගෙ පින්තූර ඇල්බම් එක පිටින්ම එක පාරට බා ගන්න ක්‍රමයක්.

සාමාන්‍යයෙන් ෆේස්බුක් එකේ ෆොටෝ ගොඩක් එක පාරින්ම ඩවුන්ලෝඩ් කරගන්න පහසුකම් දීලා නෑ. වරකට එක පින්තූරයක් බැඟින් තමයි බාගන්න ඕන.. ඒත් මං මේ කියන 3rd party සයිට් එක හරහා අපිට ඇල්බම් එක එහෙම්පිටින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්..

මෙන්න ක්‍රමය:-

  • මුලින්ම තමන්ගේ facebook ගිණුමට ලොග් වෙන්න.
  • දැන් මෙන්න මේ සයිට් එකට යන්න. http://facebook2zip.com/

  • ඊට පස්සෙ ආපු කොටුවෙ ඔයාට ඩවුන්ලෝඩ් කරන්න ඕන ෆොටෝ ඇල්බම් එක තියෙන යාලුවගෙ නම දීලා NEXT බොත්තම ඔබන්න.

  • දැන් එයාගෙ ඇල්බම් ඔක්කොම පෙනේවි. එතනින් ඔයාට බා ගන්න ඕන ඇල්බම් එක තෝරල Download ක්ලික් කරන්න.
  • ඊට පස්සෙ තත්පර කීපයක් ඉන්න කියනවා. අන්තිමට කොළ පාට Download බොත්තම ක්ලික් කරල ඇල්බම් එක save වෙන්න ඕන තැන දුන්නම වැඩේ ඉවරයි..

මේ මාසෙ ඩේටා ටික කලින්ම ඉවර උනා. සමහර යාළුවන්ගෙ බ්ලොග් කියවන්නත් බැරි උනා. පහු වෙලා හරි කියවනව හොඳේ. ලබන මාසෙ semester exams ඇඬෙනවා ඒ මඳිවට ගෑණු දරුව හුරතල් කරන්නත් ඕන. නැත්නම් වසල හමාරයි. මට දැං දැං ජීවිතේ යථාවබෝධය තේරෙනව වගේ

[ 39 දෙනෙක් අදහස් කියලා... ඔයාගෙ අදහසත් කියන්න මෙතන CLICK කරන්න.. ]



:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^


  1. බොලාත් උස්සන් එන ඒවා...

    ReplyDelete
    Replies
    1. මං තාම පෝස්ට් එක එඩිට් කොරනවා. මේකි කොමෙන්ට් දාලත් ඉවරයි :P
      නරකට තියෙයි තාම තනිකඩ එකේ බුකියෙන් හැන්සම් කොල්ලොන්ගෙ ෆොටෝ ඇල්බම් එක පිටින්ම බාන්න පුළුවන් උනාම :D

      Delete
    2. ඇ,, කියන්ට එපැයි, සැහ්,, විලි ලැජ්ජාවේ බෑ, ඕකේ ඇති හැන්සම් කොලේලෙක් නෑ බොල, අර මම ලයික් කරලා තියන එඩ්වර්ඩ් කූලන්ගෙයි, ජේකබ් බ්ලැක්ගෙයි ඇරුණම.. ^_^

      Delete
  2. අඩෝ උඹට semester exams ද බං ?:-q මාරයි නේ... :-B මටත් ඇති semester exams ඒ කියන්නේ..?@-)

    ReplyDelete
    Replies
    1. උඹලට නැතුව ඇති බං.. :D

      Delete
  3. දෙන්නන් ජම්බු :) එල වැඩක්...යසිත්..!

    //මට දැං දැං ජීවිතේ යථාවබෝධය තේරෙනව වගේ// එහෙම නේ හැදෙන ළමයි.. ජය..!!

    ReplyDelete
    Replies
    1. හී.. තාම තනිකඩය නිසා අවුලක් නෑ.. බැන්දම එහෙම ඕව කරනව නෙවෙයි :))

      Delete
  4. අහා.. කියන්න මටක වුණා... මෙක පැත්තෙත් ඇවිත් යන්නෝ..
    http://pariganakatec.blogspot.com

    ReplyDelete
  5. වැදගත් ලිපියක්.ස්තුතියි මල්ලී අපිව දැනුවත් කළාට.

    ReplyDelete
  6. අනුන්ගේ Photo උස්සන්න නේද....

    ReplyDelete
    Replies
    1. ලස්සන ලස්සන ගෑල්ලමයිගෙ, ජෝක් ෆොටෝ ඕන තරම් තියෙන්නේ :))

      Delete
  7. එල එල වටිනවා ඈ....තැන්කු වෙන්ඩ ඕන..

    ReplyDelete
  8. මු හොර වැඩ කරනවා මදිවට අපිටත් උගන්නනවා අනුන්ගේ ෆොටෝ උස්සන්න.....

    ReplyDelete
    Replies
    1. හපෝ.. ඔයාට කරන්න හොඳයි.. අපි කියන්න නරකයි :P

      Delete
  9. අපි උස්සයි ඕවා... උබලත් කියන දේවල්... හෙහ්.. නියමයි බං වැදගත් උන්ට.. මට තාම ඒක වැඩක් නෑ වගේ...

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ... කසාද බැඳලද ? :D

      Delete
  10. මේක මම ට්‍රයි කරලා බැලුව හරියන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. අනෙක මොන දේ නැත්ත මායියව ශේප් එකේ තියාගනින් නැත්නම් යන්න වෙන්නේ හොම්බෙන්

      Delete
    2. ඔය කියන්නෙ අත්දැකීම් තියන අය...

      Delete
    3. කෝරලයෝ, බොරු කියන්නෙපා බොල :(

      Delete
  11. මේකා දැම්මොත් දාන්නෙ මේ වගේ තාක්ෂණික මගුලක් තමයි... තවම තේරෙන්න ගත්තෙ නෑ උඹට මල්ලියේ

    ReplyDelete
    Replies
    1. තේරේවි ඔහොම යනකොට :D

      Delete
  12. "මට දැං දැං ජීවිතේ යථාවබෝධය තේරෙනව වගේ " මේක කියවලා නම් මට බඩ අල්ලගෙන හිනා...

    ReplyDelete
    Replies
    1. හුටා.. යථාවබෝධයෙ මොනව තවත් තේරෙන්නෙද නේ ? :)) මටත් දැං තේරුනේ.. බර වචනනේ :P

      Delete
  13. //මේ මාසෙ ඩේටා ටික කලින්ම ඉවර උනා.// අහන්නත් දෙයක්යැ..ෆොටෝ ඇල්බම් පිටින් ඩවුන්ලෝඩ් කරනකොට :P

    ReplyDelete
    Replies
    1. :-w චීයා.. මං ඒ වගේ කැත වැඩ කරන්නෙනෑ.. (කට කට.. හනී බනී මේව කියවනවා) :P

      Delete
  14. මම ෆේස්බුක් නැහැ ළමයා..P

    ReplyDelete
    Replies
    1. ශයියූ... ඔයා දන්නෙ නැද්ද එකවුන්ට් එකක් හදන්න..
      ☻මුලින්ම www.fb.com එකට යන්න
      ☻දැන් දකුණු පැත්තෙ ෆෝම් එක පුරවන්න.
      ☻ෆේස් බුක් කියන්නෙ සමාජ ජාලයක්.. ඔයා දන්නෙ නෑනේ ඒක මාරයි.. :D :D

      Delete
    2. අනේ ඇත්තෙයි..?නැතුවට කමක් නෑ වගේ..:P

      Delete
  15. අඩේ මේක නම් හරිම ප්‍රයෝජනවත් මල්ලී . . තැන්කූ ඈ . .

    ReplyDelete
  16. හයියෝ... ෆේස්බුක් යන්න වෙලාවකුත් නැති අපට මොන ඇල්බම්ද මලේ... කාටහරි වටින දෙයක්නෙ... ටැංකු...

    ReplyDelete
    Replies
    1. හුටා.. ඇයි මේ කවුරුවත් ෆේස්බුක් යන්නෙ නැත්තේ.. හයියූ.. :((

      Delete
  17. ආං මං ඔහේ මඩ පෝස්ටර් ගහයි කියලා බයේ පෝස්ට් එකක් දැම්මා..දැන් පෝස්ටර් ගහන්න බෑ හරිය..))))

    ReplyDelete
    Replies

    1. ───▄▀▀▀▄▄▄▄▄▄▄▀▀▀▄───
      ───█▒▒░░░░░░░░░▒▒█───
      ────█░░█░░░░░█░░█────
      ─▄▄──█░░░▀█▀░░░█──▄▄─
      █░░█─▀▄░░░░░░░▄▀─█░░█
      :D :D :D :D :D :D :D :D :D :D :D

      Delete
  18. අදමද මන්දා මේ පැත්තට ආවේ.. ඉගන ගන්න නම් දේවල් බොහොමයි.. ඒත් මේවා තනිවම අත්හදා බලන්න කම්මැලියි.

    ReplyDelete
    Replies
    1. තනියම අත්හදා බැළුවම තමයි අළුත් සොයා ගැනීම් එන්නෙ... බොහෝම ස්තූතියි !

      Delete
Welcome to My Blog

About Me

Author Image
  • Facebook
  • Twitter
  • Google Plus
මගේම ෆැන්ටසි ලෝකෙක ජීවත්වෙන, ඒ ෆැන්ටසිය ඇතුලේ සම්මත ලෝකයේ යතාර්ථය සොයන තවත් එක ජීවියෙක්...
know more..

Blogger Followers

Find Me On Facebook

Blog Archive

Friend's Blogs

- Copyright © Thoughts Of Yasith | යසිත්ගේ සිතුවිලි - Designed by Yasith Gamage -