2013-04-08

අවුරුද්දට ගේ අස්කරන වෙලාවෙ මට හරිම පුදුම ලියවිල්ලක් හම්බ උනා.. ගොඩාක් පරණ තල් කොළයක ලියපු සටහනක්.. අපේ සීය ගාව ඉස්සර මෙහෙම ඒව තිබුණා මට ලාවට මතකයි.දකුණු පළාතේ බොහොමයක් තියෙන නිධන් ගැන සටහනක්ද මේ ? මට එකපාරටම මතක් උනේ නිදන් වඳුළු ගැන.. මේකත් එහෙම එකක් උනොත්....................
මං අම්මලටවත් නොපෙන්නා ඒක හංඟ ගත්තා.. නැත්නම් කවදාවත් ඕවට ඉඩ දෙන්නෙ නෑ.

වැඩ ඉවර වෙලා මං කාමරේට ඇවිත් දොර ජනෙල් වැහුවා.. ඊට පස්සෙ පරිස්සමෙන් අර සටහන දිඟ ඇරන් කියවන්න හැදුවා.. ඒත් අමාරුයි.. හරියට බ්‍රාහ්මීය අක්ෂර වගේ.. ඒත් මේක කියෙව්වොත් පරම්පරාවම ගොඩ දාන්න පුළුවන් නිධානායක් ලැබෙන නිසා මං මහන්සිය නොබලා දළ අදහස වෙන් කර ගත්තා..

ඒකෙ පිටිපස්සෙ සිතියමක් වගේ ඇඳලා තිබුණා.. ඒකෙ කොටු අටක නිධානෙට යන මං සළකුණු සටහන්ව තිබුණා. තව එක එක අමුතු නම් තිබුණා. මොකක් උනත් මං මේක හොයා ගන්නවා කියන දැඩි අධිෂ්ඨානයෙන් මං ඒක පරිවර්ථනය කරා..

මට වැඩිපුරම ඕන උනේ නිධානෙ ගන්න බහිරවයාට දෙන්න ඕන නර බිල්ල ගැන විස්තරයක් දැන ගන්න.. කොහොම හරි මගේ මහන්සිය අපතෙ ගියේ නෑ..

"ශ්‍රී බුද්ධවර්ෂ 2535 බක් මස අටවැනිදා අරුණාලෝකයත් සමඟ මෙලොව එළිය දුටු , ලෝකයම එළිය කිරීමට හැකි තරම් වූ මහා බලසම්පන්න වාසනා ගුණයකින් යුත්, සියළුම සත්වයින්ගේ චිරස්ථථිය උදෙසා කටයුතු කරන පින්වත් පුත් කුමාරයෙකු........................"

මං බොහොම අමාරුවෙන් ඔය ටික පරිවර්ථනය කරගත්තා විතරයි 'දඩාස් ' ගාලා කාමරේ දොරත් ඇරං අම්මා ඇතුලට ආවා.. මං නිදන් වදුළ හංඟන්න හැදුවත් වැඩක් උනේ නෑ.. දැං නම් ඉතිං නිධාන ගොඩ දානව බොරු .

"ඔය මොකක්ද ඔය කේන්දරේ අරං කරන්නේ ? පොරොන්දම් බලනවද ? ඔන්න ඕක නැති කරන්නෙ නැතුව මෙහෙට දෙනවා "


-

 

























 







[ 56 දෙනෙක් අදහස් කියලා... ඔයාගෙ අදහසත් කියන්න මෙතන CLICK කරන්න.. ]



:) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^


  1. සුබ උපන්දිනයක් වේවා!!!!!!

    ReplyDelete
  2. හැප්පි හැප්පි බර්ත්ඩේ කොල්ලෝ... හි හි

    ReplyDelete
    Replies
    1. තැංකූ තැංකූ අක්කේ.. හි හි :D

      Delete
  3. හොඳ දවසේ යසිත්ව බලන්න ඇවිත් තියෙන්නේ.
    සුබ උපන් දිනයක් වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ... සාදරයෙන් පිළිගන්නවා
      තැංකූ :)

      Delete
  4. අඩේ හැපී බර්ත්ඩේ එකක් වේවා :D ඔන්න අර කේක් කෑල්ලක් ඉල්ලපු එක අමතක කරනවා එහෙම නෙමෙයි හරිය? (birthday balloon#)

    ReplyDelete
    Replies
    1. එහෙමත් අමතක වෙනවද ? තැංකූ තැංකූ
      [im]http://www.sherv.net/cm/emoticons/eating/cake-smiley-emoticon.gif[im]
      ආ මෙන්න... අර නසරානි යාලුවො සෙට් එකටත් දීලම කන්නකෝ...... :D

      Delete
    2. [im]http://www.sherv.net/cm/emoticons/eating/cake-smiley-emoticon.gif[/im]

      Delete
  5. Wish u a happy birth day! How old are you?:D

    ReplyDelete
  6. හැප්පි හැප්පි බර්ත්ඩේ එකක් වේවා !!!!
    හැබැයි අර කියපු විස්තරේ අනුව නම් ඔය වෙන කෙනෙක්ගේ කේන්දරයක් මල්ලි..

    ReplyDelete
    Replies
    1. නිකංම විශ් කරන්නෙ නැතුව මොකක් හරි ප්‍රසන්ට් එකක් දෙනවකො.. දැං සාස්තර කියලත් හොඳ ගානක් හම්බ වෙනවනෙ :P
      ඇනිවේ තැංකූ වේවා!

      Delete
  7. Replies
    1. thanks bro :)
      මොකද දැං ඔයාගෙ බ්ලොග් එක අප්ඩේට් නොවෙන්නෙ ? :-O

      Delete
  8. සුබඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅඅ උපන්දිනයක් වේවා YASITH මැන්ටලේ...)))))

    ..වැඩේ කියන්නේ මගෙ පුංචිඅම්මගෙ පුතු පැටියගෙත් උපන්දිනේ අද.එයාට නම් අදට අවුරුද්දයි!

    ප.ලි__
    හැබැයි පොඩි පරහක් තියෙනවා...!! :-/
    //පින්වත් පුත් කුමාරයෙක්..//??????:-O

    කේන්දරේ හදපු එකාට පිස්සු!!!!

    ReplyDelete
    Replies
    1. අවුරුදු 21ක කඩවසම් උතුංග දේහධාරී, පරිකල්පන බුද්ධියෙන් හෙබි මං වගේ මහත්මා කොල්ලෙකුට "මැන්ටලේ" කියන කෙනාටයි පිස්සු :-w

      Delete
  9. අඩේ!!! එහෙනම් පාටියක් සුවර් නේද!!! එල එල! සුභ උපන් දිනයක් වේවා!!!

    ReplyDelete
  10. සුභ උපන්දිනයක් වේවා! මචං

    ReplyDelete
  11. Happy Happy Happy Birth Day!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. :O ඇදෝ.......... එනවකෝ සයිබර් ෆෙස්ටිවල්.. හහ් :/

      Delete
  12. Happy birth day malliyo !!! :)

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් අක්කි.. :)

      Delete
  13. සුභම සුභ උපන් දිනයක් වේවා යසියෝ .....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි! :D

      Delete
  14. ඔබට සුභ උපන් දිනයක් වේවා කියල පතනවා. ඔබ ඉන්නේ යෞවනයේ එළිපත්තේ. අද මගෙත් උපන් දිනේ එක 66 වන එක

    ReplyDelete
    Replies
    1. මාරයිනේ... :D ස්තූතියි!
      ඔබටත් සුභ උපන්දිනයක් වේවා!

      Delete
  15. ඔයාගෙ බර්ත් ඩේ එකත් අදද? නියමයිනෙ... :) සුභම සුභ උපන්දිනයක් වේවා මල්ලියට....

    [im] http://www.thehowcafe.com/forum/images/smilies/t3348.gif [/im]

    ReplyDelete
    Replies
    1. තැංකූ අක්කි!
      බලන්නකෝ ඔයාට විතරයි තෑග්ගක් දෙන්න හිතිල තියෙන්නේ.. :D

      Delete
    2. හිතන් ඉන්නෙ හැමෝම තෑගි දේවි කියලද කියන කට කැඩිච්ච කතාවල හැටියට:))

      Delete
    3. [im]http://www.cristoamado.com/imagens/gifanimados/tixa.gif[/im]

      Delete
  16. උඹට නිදන් වදුලක් නේද මල්ලි හම්බ වුනේ. දැන් අපිට බොරු කියනවා අපි ඉල්ලයි කියල.:P

    සුබ උපන් දිනයක් වේවා එහෙනම්.. !! වෙන එවුන් වගේ පාටි දෙන්නේ නැද්ද..

    [im]https://encrypted-tbn1.gstatic.com/images?q=tbn:ANd9GcTNAZMI-yyKs0Fxvp5Esr1Edmm5W4s6DtKfBCjBZXrf4p48h7TS2CwsAPMg[/im]

    ReplyDelete
    Replies
    1. බැජ් එකේ උන්ට රෝලෝ අරං දුන්න :D
      ඔයාල සෙට් එක මතක් කරං මං කෑවා :P

      තැංකූ අයියා !

      Delete
  17. උපන් දිනේට මගෙනුත් සුභ පැතුම් යසිත්...!

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් තරූ :)

      Delete
  18. සුබ උපන්දිනයක් වේවා !!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ! :))

      Delete
  19. අපරාදේ බං ඇයි දවස් 7ක් කලින් ආවේ නැත්තේ..

    කමක් නෑ කෝම උනත් සුභ උපන්දිනයක් වේවා..

    ReplyDelete
    Replies
    1. මමත් අම්මගෙන් ඕක ඇහුවම අම්ම කියන්නෙ "උඹට ඔය පණ්ඩිතකම් වැඩක් නෑ,තාම පොඩි එකා" කියලා =))

      තැංකූ දිනේශ් :)

      Delete
  20. සුබ උපන් දිනයක් වේවා.. !!

    ReplyDelete
  21. සුභ ම සුභ උපන් දිනයක්, යසිත් අයියේ :) ටිකක් පරක්කු වුණාට සමාවෙන්න සුභ පතන්න. ඔයා ඉතින් මට අද ඊයේ අඳුර ගන්න ලැබුණ කෙනෙක්නේ. කොහොම වුණත් මගේ පියාණන්ගේ උපන් දිනයත් අප්‍රේල් අට තමයි, කොහොම වුණත් අන්තිමට යසිත් අයියණ්ඩිත 21 වැනි උපන් දිනේ දවසේ ජීවිත යතුර ලැබුණා නේද? බොහෝම සතුටු යි ඒ ගැන නං :P

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි!
      ඒකනේ, වැදගත් දවස්වල ඉපදෙන්නෙ වැදගත් අයලුනේ :D

      මොක්ද අෆ්ෆා අර ජීවිත යතුර කිව්වෙ :-O

      Delete
    2. ඇයි අනේ අර ඉංගිරිසි කතාවක් තියෙන්නේ 21 වැනි උපන් දිනේ තමයි ජීවිතේ යතුර කියලා. අනික නීති පොතේ හැටියට 21 වුණාට පස්සේ නීත්‍යානුකූල ව වැඩිහිටියෙක්නේ.

      Delete
  22. හෙහ්.. ඇයි මනුස්සයෝ කියන්නනේ මීට කලින් උපන්දිනේට පරක්කු වෙලා සුභ පතනව දැකල නැද්ද, යනවා මනුස්සයෝ යන්න

    ReplyDelete
  23. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. නලින් අයියගෙ පවුලේ සැමටත් එසේම වේවා ! :)

      Delete
  24. සියලු යහපත් පැතුම් ඉටු වෙන නිදුක් නිරෝගී සුවපත් වසරකට සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩිටයි අම්මටයි තාත්තටයිත් එසේම වේවා ! :)

      Delete
  25. සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා !! :)

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා ! :)

      Delete

◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

Welcome to My Blog

About Me

Author Image
  • Facebook
  • Twitter
  • Google Plus
මගේම ෆැන්ටසි ලෝකෙක ජීවත්වෙන, ඒ ෆැන්ටසිය ඇතුලේ සම්මත ලෝකයේ යතාර්ථය සොයන තවත් එක ජීවියෙක්...
know more..

Blogger Followers

Find Me On Facebook

Blog Archive

Friend's Blogs

- Copyright © Thoughts Of Yasith | යසිත්ගේ සිතුවිලි - Designed by Yasith Gamage -