2013-08-26


සමහර වෙලාවට අපි බ්ලොග් කියවන්නෙ නිවසේ හෝ තමන්ගෙ පරිගණකයෙන් නොවෙන්න පුළුවන්, එතකොට කොමෙන්ට් කිරීම් වැනි කටයුතු වලදී ඒ පරිගණකයේ සිංහල යුනිකේත නොතිබුණොත් සිංග්ලිෂ් වලින්, එහෙමත් නැති නම් Online tool එකක පිහිට පතන්න අපිට සිදු වෙනවා.
එහෙමත් නැත්නම් බ්ලොග් නොලියන ඇනෝ කෙනෙක් වගේ බොහෝ විට කොමෙන්ට් කරන්නෙ සිංග්ලිෂ් වලින්.. ඔවුන්ට උදව්වක් වෙන්නයි, වෙබ් අඩවියේ බහුතර කොමෙන්ට් යුනිකෝඩ් කරගන්නයි පුළුවන් වෙන්න Google Translate IME එක වගේම පොඩි Widget එකක් බ්ලොග් එකට/වෙබ් එකට දාගමුද ?

මේ මගේ බ්ලොග් එකේ වම් පැත්තෙ පහල තියෙන "සිංහල" කියන පොඩි Button එක Click කරල බලන්නකෝ, ඔක්කොම පැහැදිලි වේවි.. ඕක කිසිම කරදරයක් නැති අහිංසක, ඒත් ප්‍රයෝජනවත් widget එකක්..  ඕක ලේසියෙන්ම වෙබ් අඩවියට එකතු කරගන්න හැටි දැන් කියන්නම්..

  • ◘ ඔයාට තියෙන්නෙ blogger blog එකක් නම් Dashboard එකට log වෙලා Template >> Edit HTML වෙත යන්න. වෙනත් වෙබ් අඩවියක නම් කෙලින්ම Code View එකට Edit කරගන්න.
  • ◘ දැන් Ctrl + F ගහල </head> ටැග් එක හොයා ගන්න.
  • ◘ දැන් </head> ටැග් එකට ඉහලින් මේ පහත කේතය Copy - Paste කරගන්න.

<script type="text/javascript" src="https://ajax.googleapis.com/ajax/libs/jquery/1.4.4/jquery.min.js"></script>
<script type="text/javascript">
  $(function() {
$('#toggle2').click(function() {
 $('.toggle2').toggle();
 return false;
});
  });
 </script>

මේ කේතයෙන් තමයි jquery plugin එකයි form action එකේ main function එකයි call කරන්නෙ.


  • ◘ දැන් ඊළඟට blogger කට්ටිය blog එකේ Layout වෙත ගිහිල්ල HTML/JavaScript widget එකක් අරගෙන මේ පහත code එක ඒකට copy -paste කරගන්න.
  • ◘ අනිත් වෙබ් අඩවි සඳහා </body> ටැග් අතරෙ කැමති තැනකට මේ කොටස ඇතුලත් කර ගන්න..

    <div style="bottom: 4px; position: fixed; left: 4px; z-index: 2000; border:thick" >
    <a href="#" id="toggle2"><img src="http://goo.gl/ltTTQ8" title ="Singlish වලින් වචනය ලියා space bar හෝ Enter Press කරන්න." /></a>
    <p class="toggle2" style="display:none;"><iframe src="http://goo.gl/qJY76n" scrolling="no" frameborder="0" style="border:none; overflow:hidden; width:100%; height:120px; text-align:center;" allowtransparency="true"></iframe></p>
    </div>
    
    

    මේකෙ තියෙන්නෙ ගොඩක් සරල method එකක්.. javaScript සහ css, jquery වැඩ්ඩොන්ට නම් මේක දැක්කම හිනා යාවි මංතුමාට නම් මේක පැටලි පැටලි customize කරගන්න දවස් දෙකක්ම ගියා. අවුලක් නෑ මේක කරගන්න ගිහින් අළුතින් ඉගෙනගනිපු ටික මාරම වටිනවා..

    Google Translate වල header js file එක textbox එකකට point කරනවා. ඒක iframe එකකින් මෙතන පෙන්නනවා, සරලව එච්චරයි.
    ********************************************************************* 
    මීට කලින් හදපු Data ඉතිරි කරන බ්ලොග් කියවනයත් තවම වැඩ කරනව හොදේ

    Code ගනිපු අඩවි : http://css-tricks.com , http://stackoverflow.com , http://tamilcube.com/
    ********************************************************************* 


    බ්ලොග් මිතුරු මිතුරියන් කිහිප දෙනෙක්ම බ්ලොග් ජීවිතයට සමු දීලා ඔවුන්ගේ බ්ලොග් සම්පූර්ණයෙන්ම ඉවත් කරගෙන..
    ♠ ළිහිණිගේ ජීවිතය ලියපු ළිහිණි
    ♠ Sanjaya සිතුවිලි ලියපු සංජය
    ♠ ~ තටු සිඳුනු කිරිල්ලී ~
    ♠ !!!නඟාගේ ලෝකය!!! ලියපු නඟා
    ♠ .:: කටු මැටි ගේ ::. ලියපු හිත හොඳ (last update 7 months ago)
    ♠ BLOG ගඩොල් (last update 5 months ago)
    Bunny ගේ සිතුවිලි ලියපු බනියා (last update 7 months ago)
    dreams (last update 8 months ago)
    e - අටුවාව ලියපු හසිත (last update 5 months ago)
    හා පැටික්කි (MS) (last update 8 months ago)
    ♠  හූණු පිටුව ලියපු හූණා
    Shagg's zone ලියපු ශැගියා
    ..::අහිංසකී ::..
    ♠  ~~~සිහින නිම්නය~~~ ලියපු දඟකාරී
    ♠  කට කහන කතා ලියපු දුමී (last update 8 months ago)
    ♠  අක්ෂර   (last update 8 months ago)
    ♠  අනන්තය ලියපු සිත්කවි
    අමුතු කතාවක් ලියපු මුචලින්ද
    ඇත්ත කතා ලියපු ගීතක
    ඇහිපිල්ලම යට ලියපු උමංගනා
    කටු සටහන ලියපු ඉසුරු
    කුරුල්ලෙක් මං ලියපු කුරුල්ලා
    ගැහැණු ලමයි ලියපු ලිහිණි
    තාරාගේ සිතුවිලි ලියපු තාරා
    නිසූගේ කතා ලියපු නිසූ
    නීල දිගන්තේ ලියපු ආශා
    පංසල් හන්දිය

    මං follow කරන බ්ලොග් වලින් තව බොහෝමයක් තියෙනවා.. ඒවයින් සමහරක් link එකක්වත් දාන්න හොයා ගන්නවත් නෑ

    [ 38 දෙනෙක් අදහස් කියලා... ඔයාගෙ අදහසත් කියන්න මෙතන CLICK කරන්න.. ]



    :) :( ;) :D :-/ :x :P :-* =(( :-O X( :7 B-) #:-S :(( :)) =)) :-B :-c :)] ~X( :-h I-) =D7 @-) :-w 7:P 2):) :!! \m/ :-q :-bd ^#(^


    1. මට නම් බෑ දන්නේ නැති වැඩ කරන්ට ගිහින් අමාරුවේ වැටෙන්ට. :D

      ReplyDelete
      Replies
      1. හික්... අපෝ ඔක්කෝම වැඩ දැනගෙන නේ කරන්නේ පොඩ්ඩි..

        Delete
      2. @පොඩි කුමා,
        එහෙනම් කවදාවත් මුකුත්ම කරන්න හම්බ වෙන්නෙ නෑ. :-O ජීවිතේ අපිට හැම වෙලාවෙම හම්බ වෙන්නෙ හැමවිටම අළුත් අත්දැකීමක්.. ඒව මඟ අරින්න බෑනේ B-)

        Delete
    2. වටිනාකමක් තියෙනවා ඒකේ.. ස්තුතියි යසියෝ..

      ReplyDelete
      Replies
      1. කියන්න අමතක උනා බ්ලොග් එකේ ටෙක් විවි එක හරිම රිච්. ඒ වගේම ඉක්මනට ලෝඩ් වෙනවා. හරිම ලස්සනයි යසිත්..

        Delete
      2. තැංකූ :D කලින් ටෙම්පුවෙ කොමෙන්ට් බොක්ස් එක ගූගල් ක්‍රෝම් එකට පොඩි පොඩි ගැටළු මතු උනා.. දැං ඒකත් හරි :)

        Delete
    3. //අළුතින් ඉගෙනගනිපු ටික මාරම වටිනවා..// ගැජමැටික් වැඩ වලට මාත් කැමති වෙන්න එක හේතුවක් තමයි ඕක.

      සංජයගෙ බ්ලොග් එක නම් කාලෙක ඉඳන් නෑ තමයි. ඒ බ්ලොග් එකට කලින් ඉඳලම සමහර වෙලාවට යන්න බැරි ගතියක් තිබුන මට නම්. මං හිතුවෙ එහෙම එකක් ද කියල. දැන් නම් ප්‍රොෆයිල් එකත් අයින් කරල. e - අටුවාව ලියන හසිතට නම් කාල වෙලාවෙ මදි කමක් ඇත්තෙ. විභාග නිසා.

      ReplyDelete
      Replies
      1. වැරදුනාම නම් මලම පනිනවා @-) යන්තම් අන්තිමට ගොඩ දාගත්තම නිවන් ගියා වගේ :-bd

        Delete
    4. පට්ට වටිනව මචන්.. සුපිරි...

      ReplyDelete
      Replies
      1. තැංකූ දාගත්තට :-B

        Delete
    5. ලිහිණි මගේ ත් යාලුවෙක්...එයා නැති එක මටත් දුකයි...ඒ වගේම අනිත් යාලුවොත් මම කියවපු අය තමයි ..හ්ම්ම් මොනවා කරන්නද ඉතිං =((

      දන්නෙ නැති වැඩ කරන්න මාත් බයයි ඔන්න :-w

      ReplyDelete
      Replies
      1. හැපෝ... මොකුත් වෙන්නෙ නෑ.. ටෙම්පුවෙ බැකප් එකක් ගත්තම ඉවරනේ 7:P
        ළිහිණිට මේකෙණුත් ගොඩක් මඩ ගැහුවනෙ කට්ටියක් ~X(

        Delete
      2. මම මේක දාගන්න ට්‍රයි කළා...අලිගියේ නැහැ මෙයා
        :D
        මේක ටයිප් කලේ ඔයාගේ එකෙන්මයි සෝයි අනේ =D7

        Delete
      3. හප්පෝ... අර පොඩි කෙල්ල ධාරත් දාගෙන, ඔයාට බැරිද :P

        Delete
    6. ස්තුතියි...

      ReplyDelete
      Replies
      1. කෝ දාගෙන නෑනේ :'(

        Delete
    7. මම නම් බොග ලියන්නේ ක්ලවුඩ් ඉන්පුට් වලින්. ඒක පට්ට

      ReplyDelete
      Replies
      1. ඒ කිව්වෙ Google IME ද ? මේකත් ඒකෙම online tool එක තමයි :D

        Delete
    8. හෙන සංකීර්ණ යි නේ.

      ReplyDelete
      Replies
      1. ඔන්න කිව්ව කතාවක්.. ධනාත්මක චින්තනයට පුරුදු වෙන්න :-c

        Delete
    9. ටිකක් සංකීර්ණ යි වගේ පෙනුනට ඔන්න මමත් සාර්ථක ව දා ගත්තා :-bd

      ReplyDelete
      Replies
      1. කෙල්ල දස්සයා :))

        Delete
    10. ඔය ගැජට් එක මේ බ්ලොග් එකටත් දැම්ම නම් අපිට මෙතන ඉඳන්ම බලන්නති තිබ්බා. දාලා තියෙනවද? මට නම් හොයාගන්න බැරිවුනා.

      ReplyDelete
      Replies
      1. හයියූ... ඔන්න හොරේ අහු උනා.. ඒ කියන්නෙ පෝස්ට් එක කියවලා නෑ ~X(
        මේ වම් පැත්තෙ යටම //සිංහල// කියල බොත්තමක් තියෙන්නේ \m/

        Delete
      2. ඇත්තෙන්ම ටෙම්ප්ලේට් එකට HTML කෝඩ් එක අලවන්න තියෙනවා දැක්කාම ඉතින් පහලට වේගයෙන් ස්ක්‍රෝල් කලා තමයි, මොකද මම විනාඩියකින් පන්ත්යකට යන්න බලගෙන ස්ටාෆ් රූම් එකේ හිටියේ එක් වෙලාවේ.

        ඒ වුනත් මට තමත් ක්‍රමය අහුවුනේ නෑ බං. මම මේක ගැහුවෙත් සිංග්‍රීසි යුනිකෝඩ් එකේ. ඒ සිංහල කියන එක ඔබල එතන මතුවෙන ටෙක්ස්ට්බොක්ස් එකේ ගහන ඒවා එන්ටර් ගැහුවම සිංහල වෙන්නේ නෑනේ බං.

        Delete
      3. මේකෙත් වැඩ.. සිංග්ලිශ් වලින් මොනව හරි ගහල space bar හරි enter හරි ගහල බලන්න

        Delete
    11. naae bax. vaeda karannei menna mehemayi.

      ReplyDelete
      Replies
      1. හප්පේ කියන බොරු :( ඩූඩ්ගෙ කනෙක්ශන් එක හද්දම ස්ලෝද ?

        Delete
    12. අනේ කියලා දුන්නට බොහොම ස්තුතියි dot...

      ReplyDelete
      Replies
      1. කෝ ඒ උනාට දාගෙ නෑනේ :'(

        Delete
    13. ඉවරයක් තියෙන වෙලාවක මේක දාගෙන බලන්න ඕනේ..

      ReplyDelete
    14. මේක දාගන්න ආසයි, ඒත් ටෙම්ප්ලේට් එක එඩිට් කරන්න ගිය කලින් පාරවල් ඔක්කොම කෙල වුනා :(

      ReplyDelete
      Replies
      1. Template එක edit කරන්න කලින් හැමතිස්සෙම මුලින් template එකේ බැකප් එකක් download කරන් ඉන්න :D එතකොට කිසි බයක් නැහැ..

        Delete
    15. තෑන්ක්ස් යාලූ.. මාත් ට්‍රයි කරල බලන්න ඕනි.. :7

      ReplyDelete
    16. තැන්ක්ස් අයියේ
      මට පර්ශ්නයක් තියනවා ..මමත් දාගෙන ඉන්නේ ඔය දාගෙන ඉන්න ටෙම්ප්ලේඅට් එකමයි
      කොහොමද ඔයා එකේ ලෝඩ් වෙන එකට ඔයා කැමැති නමක් දුන්නේ , ඒවගේම උඩ තියන පික් එක කොහොමද මරුකරේ
      Plc kiayandakoo ayye me mage e-mail eka -heliyha.pravin@gmail

      me mage blog eka -- http://elakiriblogwaddo.blogspot.com/
      :)

      ReplyDelete

    ◘ සිංහල අක්ෂර භාවිතා කිරීමට : වම්පස පහල "සිංහල" බොත්තම click කරන්න.
    ◘ Photo comment දැමීමට : [im]http://1.bp.blogspot.com/-jk5ApMyd4VM/UnkD_bWnI9I/AAAAAAAACAQ/gedRQoN9cmQ/s1600/image.png[/im]
    ♥ පෞද්ගලික පණිවිඩ සඳහා : info@yasith.net

    Welcome to My Blog

    About Me

    Author Image
    • Facebook
    • Twitter
    • Google Plus
    මගේම ෆැන්ටසි ලෝකෙක ජීවත්වෙන, ඒ ෆැන්ටසිය ඇතුලේ සම්මත ලෝකයේ යතාර්ථය සොයන තවත් එක ජීවියෙක්...
    know more..

    Blogger Followers

    Find Me On Facebook

    Blog Archive

    Friend's Blogs

    - Copyright © Thoughts Of Yasith | යසිත්ගේ සිතුවිලි - Designed by Yasith Gamage -